
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කැනඩාව පදනම් කරගත් ෆ්රේසර් ආයතනය විසින් සම්පාදනය කරන ලද රටවල් සහ ස්වායත්ත ප්‍රදේශ 165 ක ශ්‍රේණිගත කිරීම්වලදී ශ්‍රී ලංකාව පෙර සිටි 104 සිට 116 දක්වා ආර්ථික නිදහසේ ස්ථාන 12 කින් පහත වැටී ඇත.
ආර්ථිකයේ ප්‍රමාණය, මුදල් සඳහා ප්‍රවේශය, අන්තර්ජාතිකව වෙළඳාම් කිරීමේ නිදහස හා ණය, ශ්‍රමය හා ව්‍යාපාර නියාමනය යන ආර්ථික නිදහස පිළිබඳ උප දර්ශක 05න් 04ක් දුර්වල වීම ශ්‍රී ලංකාවේ පහත වැටීමට හේතුවී තිබේ.
එහි ලකුණුවල යම් දියුණුවක් සිදුව ඇති එකම දර්ශක වන්නේ නීති පද්ධතිය සහ දේපල අයිතිවාසිකම් පිළිබඳ දර්ශකයයි.
මෙම ශ්‍රේණිගත කිරීම 2021 දත්ත මත පදනම්ව ඇත.
“මෙම වාර්තාව මගින් දැඩි අනතුරු ඇඟවීමක් සිදුකර ඇත. 2022 ආර්ථික අර්බුදයට පෙර ශ්‍රී ලංකාවේ ආර්ථික නිදහස පහත වැටිණි. ආර්ථික කැළඹීම් හමුවේ සීමිත ආර්ථික නිදහසක් ඇති ජාතීන්ට ඇති අවදානම පිළිබඳ මෙය සාක්ෂියකි” යැයි කොළඹ පදනම් වූ Advocata ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ධනනාත් ප්‍රනාන්දු මෙම වාර්තාව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.
“රට යථා තත්ත්වයට පත්වීමට නම්, ශ්‍රී ලංකාව තම පුරවැසියන්ට ස්ථාවර මූල්‍ය හා මූල්‍ය පරිසරයක් තුළ නිදහසේ වෙළඳාම් කිරීමට, වැඩ කිරීමට සහ ගනුදෙනු කිරීමට ආර්ථික නිදහස උපරිම කිරීමේ රාමුව තුළ ආර්ථික වර්ධනයට ප්‍රමුඛත්වය දිය යුතුය.” යැයි එම නිවේදනයේ වැඩිදුරත් සඳහන් වේ.
මෙම දර්ශකයේදී ශ්‍රී ලංකාව හයිටි සහ බුර්කිනා ෆාසෝ වලට වඩා පහළින් රැඳී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart