
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම ලබන වසරේ මාර්තු මස මෙරට සංචාරයක නිරතවීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
එම පුහුණු සංචිතයට ශ්‍රී ලාංකික සම්භවයක් ඇති අමුර්තා සුරේන් කුමාර් නම් ක්‍රීඩිකාවක තෝරාගෙන තිබීම විශේෂත්වයකි.
ඇයගේ පියා ද පාසල් කාලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙක්වන අතර, ඔහු යාපනය ශාන්ත ජෝන් විද්‍යාලය නියෝජනය කළ දක්ෂ පිතිකරුවෙකි.
ශාන්ත ජෝන් විද්‍යාල ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමක වැඩිම ලකුණු ලෙස ලකුණු 145ක් රැස්කළ ක්‍රීඩකයා වන්නේ ද ඔහුය.
අමුර්තා වයස අවුරුදු 16දී එංගලන්තයේ මිඩ්ල්සෙක්ස් ප්‍රාන්තයේ සන්රයිස් ක්‍රිකට් ඇකඩමියේ ජ්‍යෙෂ්ට කණ්ඩායමට තෝරාගෙන ඇත්තේ, ඇයගේ දක්ෂතාව හේතුවෙනි.
මේ වනවිට 17 හැවිරිදි වියෙහි පසුවන ඇය, මදවේග පන්දු යවන තුන් ඉරියව්වෙන් දස්කම් දක්වන ක්‍රීඩිකාවකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart