
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හොංකොං සය සමාජික ක්රිකට් තරගාවලිය හෙට (01) ආරම්භ වීමට නියමිතය.
වසර 7කට පසුව පැවැත්වෙන මෙවර තරගාවලියට ශ්රී ලංකාව ඇතුළු කණ්ඩායම් 12ක් සහභාගි වන අතර, තරගාවලිය ලබන 3 වැනිදා දක්වා පැවැත්වේ.
මූළික වටය කාණ්ඩ 4ක් යටතේ පැවැත්වෙන තරගාවලියට තරග 29ක් ඇතුළත් වේ.
ළහිරු මදුෂංකගේ නායකත්වයෙන් යුතු ශ්රී ලංකා කණ්ඩායමට ළහිරු සමරකෝන්, නිමේෂ් විමුක්ති, සඳුන් වීරක්කොඩි, ධනංජය ලක්ෂාන්, තරිඳු රත්නායක සහ තනුක දාබරේ ක්රිඩාකරනු ලැබේ.
හෙට පෙරවරු 8.45ට ඕමානයට එරෙහිව තරග වදින ශ්රී ලංකා පිළ පස්වරු 2.10ට බංග්ලාදේශයට එරෙහිව මූළික වටයේ අවසන් තරගයට එක්වෙයි.
මූළික වටයේදී ප්රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබාගනු ඇත.
1992 වසරේ ආරම්භ වූ හොංකොං සය සමාජික ක්රිකට් තරගාවලි ඉතිහාසයේ ශ්රී ලංකාව, 1993 සහ 2004 වසරවලදී අනුශූරතාව දිනා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart