
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්දින ක්‍රිකට් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට පෙර පැවැත්වෙන පළමු පුහුණු තරගයට අද(13) ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වෙයි. ඒ, නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිවය.
ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 12.30ට තරගය සිම්බාබ්වේ බුලවායෝහිදී ආරම්භ විමට නියමිතය.
දෙවන පුහුණු තරගය අමෙරිකාවට එරෙහිව අනිද්දා (15) පැවැත්වේ.
එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලැබිමේ තරගාවලිය ලබන18වැනිදා ආරම්භ වන අතර, ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය එක්සත් එමීර් රාජ්‍යයට එරෙහිව ලබන19වැනිදා පැවැත්වෙයි.
ඕමානය,අයර්ලන්තය,ස්කොට්ලන්තය සමග මුළික වටයේදි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරග වදිනු ඇත.
තරගාවලියේ සුපිරි හයදෙනාගේ තරග වටය ලබන 29වැනිදා ආරම්භ වන අතර අවසන් තරගය ජූලි 09වැනිදා පැවැත්වෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart