
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලාංකික පවුලක දරුවන් හතර දෙනෙකු ඇතුළුව ඔහු සමඟ ජීවත් වූ හයදෙනකුට පිහියෙන් ඇන මරා දැමීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ 19 හැවිරිදි සිසුවකු චෝදනා ලැබ සිටින බව කැනඩාවේ ඔටාවා පොලිසිය ඊයේ ප්‍රකාශ කළේය.
ඔටාවා පොලිස් ප්‍රධානී එරික් ස්ටබ්ස් පවසා ඇත්තේ, සැකකරු විසින් ‘දාර සහිත ආයුධයක්’ හෝ ‘පිහියක් වැනි වස්තුවක්’ අපරාධය සනදහා භාවිත කර ඇති බවත්, ඔහු ෆෙබ්‍රියෝ ද සොයිසා ලෙස හඳුනාගෙන ඇති බවත්ය.
රථම මට්ටමේ මිනීමැරුම් චෝදනා හයක් සහ මිනීමැරීමට තැත්කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබේ.
ස්ටබ්ස් පවසන්නේ, මියගිය පිරිස මෑතකදී කැනඩාවට පැමිණි ශ්‍රී ලාංකිකයන් බවයි.
ඔවුන් අතර 35 හැවිරිදි මවක්, 07 හැවිරිදි පුතකු, 04 හැවිරිදි දියණියක, අවුරුදු 02 ක දියණියක සහ මාස 2 1/2 ක් වයසැති කුඩා දැරියක මෙන්ම 40 හැවිරිදි පවුලේ හඳුනන අයකුද වන බව පැවැසේ.
පොලිස් ප්‍රධානියා පවසන්නේ, නිලධාරීන් නිවසට පැමිණෙන විට පවුලේ පියා එළිමහනේ සිට 911 අංකයට කතා කරන ලෙස කෑගසමින් සිටි බවයි.
පියාද තුවාල ඇලබා ඇති නමුත්, ජීවිතයට තර්ජනයක් නොවන තුවාල සහිතව රෝහල්ගතව සිටී.
ඔටාවා හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මීට පෙර තහවුරු කළේ මියගිය පිරිස ශ්‍රී ලාංකික ජාතික පවුලක් බවයි.
පියා දිවි ගලවා ගත් නමුත් ඔහුගේ බිරිඳ සහ දරුවන් මිය ගිය බවත්, කොළඹ සිටින මෙම පවුලේ ඥාතීන් සමඟ සම්බන්ධ වී සිටින බවත් මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
බදාදා රාත්‍රී 11 ට පෙර Barrhaven ප්‍රදේශයේ නිවසට පොලිසිය කැඳවනු ලැබීය. ඉන් පසු ඉක්මනින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, මහජන ආරක්ෂාවට තවදුරටත් තර්ජනයක් නොමැති බව පොලිසිය ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart