
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දුනීසියාවේ සහ පිලිපීනයේ පැවැති ප්‍රධාන පෙළේ අන්තර්ජාතික වෙඩි තැබීමේ තරගාවලි දෙකකදී රන් 3ක්, රිදී 4ක් සහ ලෝකඩ 3ක් ඇතුළුව මුළු පදක්කම් 10ක් දිනාගත් ශ්‍රී ලංකා ජාතික වෙඩි තැබීමේ කණ්ඩායම දිවයිනට පැමිණ තිබේ.
ශ්‍රී ලංකා ජාතික රයිෆල් සංගමය නියෝජනය කරමින් ගොස් රටවල් 40කට ආසන්න සංඛ්‍යාවක ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායම මෙම විශිෂ්ට දක්ෂතාව දක්වා ඇත.
බාලි ඕපන් IPSC තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් 2ක්, රිදී 1ක් සහ ලෝකඩ පදක්කම් 3ක් ඇතුළුව පදක්කම් 6ක් දිනාගැනීමට සමත් විය.
මෙහිදී PCC Optics – Junior අංශයේ ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන සියල්ලම ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දිනාගැනීම විශේෂත්වයකි.
පිලිපීනයේ කඩයවාන් උත්සව තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කමක් සහ රිදී පදක්කම් 3ක් ඇතුළුව පදක්කම් 4ක් දිනාගැනීමට සමත් විය.
දිවයිනට පැමිණි ජයග්‍රාහී ක්‍රීඩකයන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ජාතික රයිෆල් සංගමයේ සභාපති එයාර් වයිස් මාෂල් වජිර සේනාධීර ඇතුළු නිලධාරීන් සහ ක්‍රීඩකයන්ගේ මාපියෝ ද කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළ වෙත පැමිණ සිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart