
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලාංකික පුද්ගලයකු සරණාගතයන් සඳහා වෙන්කර ඇති හෝටලයක කාර්යමණ්ඩල සාමාජිකයන් දෙදෙනකුට පහර දී අශෝභන ලෙස හැසිරෙමින් නිරුවත ප්‍රදර්ශනය කළ බව බ්‍රිතාන්‍ය අධිකරණයකදී අනාවරණ වී තිබේ.
2025 අගෝස්තු 15 වැනි දින සවුත්හැම්ප්ටන්හි හයිෆීල්ඩ් හවුස් හෝටලයේදී සිදු වූ බව කියන මෙම සිදුවීම සම්බන්ධයෙන් 38 හැවිරිදි සුකීර්තන් තංගරාජා නමැත්තාට එරෙහිව පෝර්ට්ස්මත් මූලික මහාධිකරණයේදී නඩු විභාගයක් පැවැත්වේ.
අධිකරණයේදී දෙමළ භාෂා පරිවර්තකයෙකුගේ සහාය ලබාගත් සැකකරු, කාර්යමණ්ඩල සාමාජිකයින් දෙදෙනකුට පහරදීම සම්බන්ධයෙන් මීට පෙර එල්ල වූ චෝදනා දෙකකට වරදකරු බව පිළිගෙන ඇති බව ජූරි සභාවට දන්වා ඇත.
පැමිණිල්ල මෙහෙයවන ජැක් ෆර්නස් අධිකරණයට පවසා, ඇත්තේ විත්තිකරු සරණාගතයන් සඳහා වූ නවාතැන්පොළක නැවතී සිට, එහි පිළිගැනීමේ කවුන්ටරය වෙත පැමිණ සිය දුරකථනය ක්‍රියානොකිරීම හේතුවෙන් දැඩි කෝපයට පත්ව, එහි කාර්යමණ්ඩල සාමාජිකයන්ට වාචිකව අපහාස කරමින්, තමාට දුරකථනය සකස්කර දෙන ලෙස බලකරමින් එය පිළිගැනීමේ මේසය මතට විසිකර ඇති බවයි.
අනතුරුව ඔහු ”මම ශ්‍රී ලංකාවේ කෙනෙක්, උඹලා ඉන්දියාවෙන් සහ පකිස්ථානයෙන් ආපු පොඩි මිනිස්සු, උඹලා මට ගරුකරන්න ඕනේ” යනුවෙන් පවසා තිබේ.
ඉන්දියානු සහ පාකිස්ථානු ජාතික කාර්ය මණ්ඩලයට කළ අපහාසාත්මක ප්‍රකාශ “වෛරී සහගත අපරාධ” ගණයට වැටිය හැකි බැවින්, එය දඬුවම තීරණය කිරීමේදී දැඩි ලෙස සලකා බලනු ඇතැයි පැවැසේ.
බ්‍රිතාන්‍ය නීතියට අනුව, මෙවැනි චෝදනාවලට වරදකරු වුවහොත් ඔහුට සිර ඬුවමක් හෝ සරණාගතභාවය අහිමි වී එරටින් පිටුවහල් කිරීමේ අවදානමක් පවතී.
පැමිණිල්ල මෙහෙයවන නිලධාරියා ප්‍රකාශ කර ඇත්තේ, විත්තිකරු වන තංගරාජා සේවකයන් දෙදෙනකුට පහරදුන් බව පිළිගෙන ඇති බවත්ය.
බලධාරීන්ට අනුව සීසීටීවී දර්ශන මගින් මෙම සිදුවීම තහවුරු වී ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart