
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බටහිර රටවල් ‘තීරය සහ මාර්ග මුලපිරීම’ (BRI) ‘ණය උගුලක්’ ලෙස දිගින් දිගටම මඩ ගැසීම සිදුකළද, චීනය ඒ ඔස්සේ වෙනත් රටවලට පියවරෙන් පියවර ඉදිරියට ගොස් තමන්ගේම සංවර්ධන මාවතක් විවර කරගැනීමට උපකාර කරන බව අගමැති දිනේෂ් ගුණවර්ධන පවසයි.
CGTN ප්‍රවෘත්ති ඒජන්සිය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කරන ලද්දේ, සංවර්ධන අභියෝග රැසක් විසඳිය හැකි බව චීනය ලොවට ඔප්පු කර ඇති බවයි.
මේ අතර, චීනය ගෝලීය ආර්ථික වර්ධනයට ප්‍රධාන දායකත්වයක් සපයන බවත්, BRI ලොව පුරා බිලියන සංඛ්‍යාත ජනතාවගේ ජීවිත සඳහා ශක්තිමත් පදනමක් සපයා ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
චීනයට ණය යොදා ගනිමින් බලපෑම් කරන බවට බටහිර රටවල් නගන චෝදනාව සම්බන්ධයෙන් එහිදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා කියා සිටියේ, මෙම විවාදය වසර ගණනාවක් තිස්සේ පවතින බවත්, චීනය ආර්ථික වශයෙන් බලවත් රටක් බැවින් එය කිසිවකුට නොසළකා හැරිය නොහැකි බවත්ය.
“ඇත්ත වශයෙන්ම, මෙම විවාදය වසර ගණනාවක් පුරා පැවතුණා. නමුත් මගේ මතයේ හැටියට අද ලෝකයේ කිසිම රටකට චීනය නොසළකා හැරිය නොහැකි ශ්‍රේෂ්ඨ ජාතියක්, ආර්ථික වශයෙන් බලවත් ජාතියක්.” යැයි අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart