September 11, 2026

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ නව ලේකම්වරිය ලෙස ආචාර්ය රොෂානි දිසානායක ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත් කරනු ලැබ ඇත.

අද (11) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් අදාළ පත්වීම් ලිපිය නිල වශයෙන් ආචාර්ය රොෂානි දිසානායක වෙත භාර දෙන ලදී.

ආචාර්ය රොෂානි දිසානායක ශ්‍රී ලංකා පරිපාලන සේවයේ (SLAS) විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක වන අතර, මෙම නව පත්වීමට පෙර ඇය රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක ලෙස සේවය කර ඇත.