
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් දරුවන්ගේ පොත් බෑගයේ බර සැළකිව යුතු ලෙස අඩු කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.
පාසල් බෑග්වල බර අඩු කිරීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳ පාර්ලිමේන්තුවේදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිනිය කියා සිටියේ, නව ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දෙන ක්‍රියාකාරකම් පදනම් කරගත් අධ්‍යාපන ක්‍රමය මගින් දරුවන්ට ගෙදර සිට පාසලට ගෙන යෑමට සිදුවන පොත් සංඛ්‍යාව විශාල ලෙස අඩු වන බවයි.
පන්ති කාමරයේ ක්‍රියාකාරකම් සඳහා භාවිත කරන පොත්පත් දිනපතා ගෙදර ගෙන යෑම වෙනුවට පාසලේම තබා ගැනීමට කටයුතු යොදනු ඇත.
දරුවන්ට එම පොත් ගෙදර ගෙන යෑමට සිදුවන්නේ වාරය අවසානයේ සියලු වැඩ නිම කිරීමෙන් පසුව පමණි.
2027 වසරේ සිට 6 වසර ශ්‍රේණිය සඳහා මොඩියුල පදනම් කරගත් අධ්‍යාපන ක්‍රමවේදයක් හඳුන්වා දෙනු ලැබේ.
එකම විශාල ඝන පෙළපොත වෙනුවට අදාළ පාසල් වාරයට පමණක් අදාළ වන මොඩියුල් දරුවන්ට ලබා දෙනු ඇත.
මෙම සුවිශේෂී වෙනස්කම් නිසා දරුවන් දිනපතා ගෙනයන අධික බරින් යුත් පාසල් බෑගයේ බර විශාල ලෙස අඩුවනු ඇතැයි අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් අවධාරණය කළාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart