
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දැඩි මානසික අවපීඩනය නිසා තමන්ට ගුවන් ගමන් නුසුදුසු බවට තර්ක කළ ශ්‍රී ලාංකික මවක් එක්සත් රාජධානියේ තම සරණාගත ඉල්ලීම නැවත විභාග කිරීමට ඉදිරිපත් කළ අභියාචනය ජයග්‍රහණය කර තිබේ.
2021 දී එක්සත් රාජධානියට ඇතුළු වී ඇති මෙම කාන්තාව කියා සිටියේ තම පවුලට කොටි සංවිධානය සමඟ ඇති සබඳතා හේතුවෙන් ශ්‍රී ලංකාවේ පීඩාවන්ට මුහුණ දුන් බවයි.
තමා පිටුවහල් කළහොත් නැවත මව්බිමට ගිය පසු අත්අඩංගුවට ගනු ඇතැයි බිය වන බවත්, තම මානසික සෞඛ්‍යය සහ පීඩාවන්ට ඇති බිය නැවත සමාජගත වීමට ‘සැළකිව යුතු බාධක’ ඇති කරන බවත් ඇය විනිශ්චය සභාවට පැවසුවාය.
පළමු පෙළ විනිශ්චය සභාවක් ඇගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින්, ඇගේ විශ්වසනීයත්වය ප්‍රශ්න කරමින් සහ ඇගේ දියණියන් හතර දෙනාගෙන් එක් අයෙකු විසින් ඇයව නැවත රැගෙන යා හැකි බව යෝජනා කළේය.
කෙසේවෙතත්, ඇයට නැවත නැවත මතුවන මානසික අවපීඩන ආබාධයක් ඇති බව හඳුනාගෙන දැඩි කාංසාව සහ සියදිවි නසාගැනීමේ අවදානම ගැන සඳහන් වුණු මනෝචිකිත්සක වාර්තාවක් ඇය සිය අභියාචනයට ඉදිරිපත් කර තිබිණි.
වෛද්‍ය සාක්ෂි නිසි ලෙස සළකා බැලීමට අපොහොසත් වීමෙන් පහළ විනිශ්චය සභාව වරදක් කළ බව ඉහළ නියෝජ්‍ය විනිශ්චය සභා විනිසුරු හරියා තීන්දු කළේය.
නඩුව සම්පූර්ණයෙන්ම නැවත විභාග කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart