
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නීතිවිරෝධී ලෙස එක්සත් රාජධානියට ඇතුළු වීම සහ අශෝභන ලෙස හැසිරීම සම්බන්ධයෙන් ශ්රී ලංකාවේ 37 හැවිරිදි පුද්ගලයකු එක්සත් රාජධානියේ අධිකරණයක් හමුවට පමුණුවා තිබේ.
සවුත්හැම්ප්ටන් හි පුද්ගලයකුට පහරදීම සහ පෝර්ට්ස්මූත් හි මහජන සාමය පිළිබඳ සිද්ධියක් සම්බන්ධයෙන් ද ෆ්රැටන් හි නිව් පාරේ පදිංචි සුකීර්තන් තංග්රාෂාට චෝදනා එල්ල වී තිබේ.
ඔහු ඊයේ පෝර්ට්ස්මූත් මහේස්ත්රාත් අධිකරණයේ පෙනී සිටි අතර එහිදී ඔහු ඔක්තෝබර් 20 වැනිදා නගරයේ ක්රවුන් අධිකරණයේ පෙනී සිටීම සඳහා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
නඩු විභාගය ලබන වසරේ මාර්තු 20 වැනි දිනට නියම කර ඇත.
ඔහු පොදු පහරදීම, අශෝභන ලෙස නිරාවරණය කිරීම, මහජන සාමය උල්ලංඝනය කිරීම සහ 1971 ආගමන පනතේ 24 වැනි වගන්තියට පටහැනිව නීති විරෝධී ලෙස එක්සත් රාජධානියට ඇතුළුවීම යන චෝදනාවලට මුහුණ දී සිටී.
“සවුත්හැම්ප්ටන් සහ පෝර්ට්ස්මූත් හි ආගමන වරදක්, අශෝභන ලෙස නිරාවරණය කිරීම සහ මහජන සාමය ඇතුළු වැරදි සම්බන්ධයෙන් 37 හැවිරිදි පුද්ගලයකුට චෝදනා එල්ල වී තිබෙනවා. විදේශීය ජාතිකයකු වන ඔහු ශ්රී ලංකාවේ සිට පැමිණි බව පවසනවා. පෝර්ට්ස්මූත් හි නිව් පාරේ සුකීර්තන් තංග්රාෂාට පහත සඳහන් සිදුවීම් සම්බන්ධයෙන් අපගේ විමර්ශන සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා. අගෝස්තු 15 වැනි සිකුරාදා, සවුත්හැම්ප්ටන් හි හයිෆීල්ඩ් පටුමගේදී 25 හැවිරිදි පුද්ගලයකුට ඔහු පහර දී තිබෙනවා. ඔහුට බරපතළ තුවාල සිදු වෙලා නැහැ. අගෝස්තු 15 වැනි සිකුරාදා, සවුත්හැම්ප්ටන් හි හයිෆීල්ඩ් පටුමගේදී අශෝභන ලෙස නිරාවරණය වෙලා. සැප්තැම්බර් 15 වැනි සඳුදා, පෝර්ට්ස්මූත් හි නිව් පාරට ආසන්න කිංග්ස්ටන් සුසාන භූමියේදී මහජන සාමය උල්ලංඝනය කිරීමේ සිද්ධියක් සිදුවී තිබෙනවා. ඉන් කිසිවකුට හානියක් සිදු වෙලා නැහැ.” යනුවෙන් හැම්ප්ෂයර් පොලිස් නිලධාරියකු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart