
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝගේ මෑතකාලීන ප්‍රකාශ හෙළා දකින අතර, කිසිදු පැහැදිලි සාක්ෂියක් නොමැතිව සාහසික චෝදනා ඉදිරිපත් කර ඇති බවට විදේශ ඇමැති අලි සබ්රි චෝදනා කර ඇත.
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ, ඉන්දියාව සහ කැනඩාව අතර පවතින උණුසුම්කාරී තත්ත්වය පිළිබඳ ඉන්දීය ජනමාධ්‍ය ආයතනයක් වන ANI වෙත අදහස් දක්වමිනි.
ඉන්දීය රජය විසින් සීක් ජාතික නිදහස් ක්‍රියාකාරිකයකු වන හර්දීප් සිං නිජ්ජාර් කැනේඩියානු භූමියේදී ඝාතනය කළ බවට කැනේඩියානු අගමැතිවරයාගේ චෝදනාව නිසා කැනඩා-ඉන්දියා සබඳතා දෙදරා ගොස් ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විදේශ ඇමැතිවරයා සඳහන් කර ඇත්තේ, ඇතැම් ත්රස්තවාදීන් කැනඩාවේ ආරක්ෂිත තෝතැන්නක් සොයාගෙන ඇති බවයි.
කැනේඩියානු අගමැතිවරයාට මෙවැනි සාහසික චෝදනා ඉදිරිපත් කිරීමට කිසිදු සහායක සාක්ෂියක් නොමැති බවත්, ශ්‍රී ලංකාවේද ජන සංහාරයක් සිදු වූ බව පැවසීම දරුණු, සම්පූර්ණ බොරුවක් බවත්, ඇමැතිවරයා සඳහන් කර ඇත.
ශ්‍රී ලංකාවේ ජන සංහාරයක් සිදු නොවුණු බව සියලුදෙනා දන්නා බව ද ඔහු සඳහන් කර තිබේ.
දෙවැනි ලෝක යුද සමයේදී නාසීන් සමඟ සම්බන්ධ වූ අයෙකුට කැනේඩියානු අගමැතිවරයා උණුසුම් පිළිගැනීමක් ලබා දී ඇති බවද ඇමැතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වාදී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart