
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බහුදින ධීවර කටයුතු සඳහා ශ්‍රී ලාංකික ධීවරයින්ට අරාබි මුහුදට ඇතුළුවීම සඳහා ඉන්දීය සාගර කලාපය හරහා ‘ආරක්‍ෂිත කලාපයක්'(an innocent passage) නිර්මාණය කරගැනීම වෙනුවෙන් ඉන්දියාව සමඟ නව රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ආරම්භ කිරීමට ශ්‍රී ලංකාව සුදානම් වන බව වාර්තා වේ.
මේ වන විට මීගමුව, දික්ඕවිට, බේරුවිල, මාතර වැනි ප්‍රදේශවලින් මුහුදු යන ශ්‍රී ලාංකික බහුදින ධීවර යාත්‍රා මාලදිවයින වටා මුහුදු ගොස් අරාබි මුහුදට ළඟා වේ.
කෙසේ වෙතත්, ඉන්දියාවේ සුවිශේෂී ආර්ථික කලාපය (EEZ) හරහා ගමන් කිරීමෙන් ඔවුන්ට නාවික සැතපුම් 400 ක් ඉතිරි කරගැනීමට හැකියාව ලැබේ.
අරාබි මුහුද වෙත ගමන් කරන අතරතුර, නීති විරෝධී ලෙස ඉන්දියාවේ සුවිශේෂී ආර්ථික කලාපය වෙත ඇතුළු වූ විට ශ්‍රී ලාංකික ධීවරයන් ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගත් අවස්ථා පවතී.
ආර්ථික අර්බුදයේදී ඉන්දියාව මානුෂීය ආධාර ලබා දීමෙන් පසු ඉන්දීය – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා නව තලයකට පැමිණ තිබේ. ඉන්දියාව විසින් මෙරටට ලබා දී ඇති මූල්‍ය ආධාර ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 4කට ආසන්නය.
දෙරට අතර ඇති මෙම සුහදතාවය උපයෝගී කර ගනිමින් මෙම නව සාගර කලාපය සඳහා අනුමැතිය ලබාගැනීමට ශ්‍රී ලංකාව දැන් සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.
ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා පවසන්නේ ශ්‍රී ලංකා ධීවර යාත්‍රා සඳහා සිය EEZ හරහා ගමන් කිරීම සඳහා රජය ඉන්දියාවේ සහාය ඉල්ලා සිටින බවයි.
“ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ මස අගදී නවදිල්ලි නුවරට ගිය විට ඒ ගැන සාකච්ඡා කරනවා” යැයි ඇමැතිවරයා පවසයි.
ඉන්දියාවේ දකුණු ප්‍රදේශයේ ධීවරයින් විසින් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීම පිළිබඳව අදහස් දක්වන ඇමැතිවරයා පෙන්වාදෙන්නේ, එය අඛණ්ඩව සිදුවන බවත්, රජය එය රාජ්‍යතාන්ත්‍රික මාර්ගවලින් විසඳා ගැනීමට උත්සාහ කරන බවත්ය.
(Daily Mirror)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart