
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පවතින ආරක්ෂක තත්ත්වය හේතුවෙන් ඉරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව ටෙහෙරානයෙන් ඉවත් කර ඇති බව විදේශ අමාත්‍ය විජිත හේරත් පාර්ලිමේන්තුවට පැවැසීය.
පවතින තත්ත්වය හේතුවෙන් තානාපති කාර්යාල නිලධාරීන් ද වෙනත් ස්ථානයකට ගෙනගොස් ඇතත්, සියලු සම්බන්ධතා අංක ක්‍රියාත්මකව පවතී.
තානාපති කාර්යාල කාර්ය මණ්ඩලයට අමතරව, ටෙහෙරානයේ තානාපති කාර්යාලයේ රැඳීසිටි ශ්‍රී ලාංකික සිසුන් අටදෙනෙකු ද ආරක්ෂක හේතූන් මත ඉරානයේ උතුරු ප්‍රදේශයට ගෙන ගොස් ඇත.
තානාපති කාර්යාල පරිශ්‍රයට ආසන්නව ප්‍රහාර එල්ල වී ඇති බව අමාත්‍ය හේරත් සඳහන් කළ අතර, ඒ හේතුවෙන් පූර්වාරක්ෂාව සඳහා පියවර ගෙන තිබේ.
ආසන්න වශයෙන් ශ්‍රී ලාංකිකයින් 35 දෙනකු ඉරානයේ රැඳීසිටින බවත්, ටෙහෙරානයේ පදිංචිකරුවන් දැනට ඉහළ අවදානම්වලට මුහුණ දී සිටින බවත් ඇමැති හේරත් පැවැසීය.
ශ්‍රී ලාංකිකයන් 20,000 කට ආසන්න සංඛ්‍යාවක් දැනට ඊශ්‍රායලයේ සිටින බවද ඔහු අනාවරණය කළේය.
ඉරාන-ඊශ්‍රායල් ගැටුම සහ එහි බලපෑම පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කරමින් ඇමැති හේරත් පැවසුවේ, ආරක්ෂක ගැටළු උපුටා දක්වමින්, පවතින රැකියාවලට නැවත පැමිණෙන අය ඇතුළුව ඊශ්‍රායලයට සංක්‍රමණික සේවකයන් යොමුකිරිම රජය අත්හිටුවා ඇති බවයි.
ඊට අමතරව, මැදපෙරදිගට යෑමට උත්සාහ කරමින් සිටියදී අතරමං වූ ශ්‍රී ලාංකිකයින් 10 දෙනකුට ශ්‍රී ලංකා දූත මණ්ඩලවල සහාය ලැබී ඇති අතර ඔවුන් ආරක්ෂිතව ආපසු සිය රට බලා පැමිණ ඇත.
යුද්ධය තවදුරටත් උත්සන්න වුවහොත් විදේශගත සේවකයන් නැවත පැමිණීමට පහසුකම් සැලසීම සඳහා මැදපෙරදිග සිටින සියලුම ශ්‍රී ලාංකික දූත මණ්ඩල සමඟ සාකච්ඡා පැවැත්වූ බවද අමාත්‍යවරයා පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart