
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට ප්‍රමුඛතම මත්කුඩු ජාවාරම්කරුවකු බව කියන මොහොමඩ් සිද්දීක් නමැත්තා ඕමානයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.
ඉන්දියානුවකු ලෙස වෙස්වලාගෙන එරට විදෙස් ගමන් බලපත්‍රයක් අතැතිව සිටියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
මොහොමඩ් සිද්දික් සම්බන්ධයෙන් ඉන්දියානු ආරක්ෂක හා බුද්ධි අංශ කාලයක් පුරා ඇස ගසාගෙන සිටිමින් කළ මෙහෙයුමකට අනුව ඕමානයට ඔහු සම්බන්ධයෙන් තොරතුරු දැනුම් දී අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.
අබුඩාබි සීමාවට ආසන්න ප්‍රදේශයකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති බවද වාර්තා අනාවරණය කරයි.
ශ්‍රී ලංකාවට මහා පරිමාණයෙන් මත්කුඩු රැගෙන ඒමේ ජාවාරමේ මහ මොළකරුවකු බව කියන මොහොමඩ් සිද්දික් පාකිස්තානයේ සිටින ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවකුගේ නැඟණියක් සමඟින් විවාහ වී සිටින බව පැවැසේ. ඒ මෙරට ඔහුගේ බිරියට අමතරවය.
මොහොමඩ් සිද්දික් පසුගිය කාලය පුරාම ඉන්දියාවේ රැඳී සිට ඇත්තේ නේපාල දේශසීමාවට ආසන්න ප්‍රදේශයකය.
මාකිලංගමුවේ සංජීව සහ ගොත අසංක නමැති පාතාලයේ අපරාධකරුවන් දෙදෙනාද ඔහු සමඟ රැඳී සිට ඇති බව ද පැවැසේ.
ආරංචි මාර්ග අනාවරණය කරන්නේ මාකිලංගමුවේ සංජීව සහ ගොත අසංක ඉන්දියානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු කළ ප්‍රශ්න කිරීම් හමුවේ හෙළිවූ තොරතුරුවලට අනුව මොහොමඩ් සිද්දීක් කොටුකරගෙන ඇති බවයි.
එහෙත් මාකිලංගමුවේ සංජීව සහ ගොත අසංක ඉන්දියානු අත්අඩංගුවේ පසුවන බවට තවමත් පැහැදිලි තොරතුරු අනාවරණය වී නැත.
ඉන්දියාවෙන් ඒ සම්බන්ධයෙන් මෙරට ඇතැම් ආරක්ෂක අංශ සාමාජිකයන් සිය පුද්ගලික සම්බන්ධකම් මත තොරතුරු විමසීමේදී ඒ අය නිල නොවන මට්ටමින් තහවුරු කර ඇත්තේ මොහොමඩ් සිද්ධික්ගේ අත්අඩංගුවට ගැනීම පමණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart