
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී කටු චිකිත්සා ප්‍රතිකාර ලබාදීමක් අතරතුර, රෝගී කාන්තාවකට බරපතළ අතවර කිරීමේ චෝදනාවට වරදකරු වූ ශ්‍රී ලාංකික සංක්‍රමණික වෛද්‍යවරයෙකුට එරෙහිව අධිකරණයෙන් තීන්දුවක් ලබා දී තිබේ.
2008 වසරේදී ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ, 49 හැවිරිදි දෙදරු පියෙකු වන විනෝ කාරියකරවන නමැති මෙම වෛද්‍යවරයාට එරෙහිව පැවති ලිංගික අතවර කිරීම් චෝදනා තුනෙන් දෙකක් ඉකුත් පෙබරවාරි මාසයේදී ඉවත් කර තිබූ අතර, ඉතිරි චෝදනාවට ඔහු වරදකරු බව පර්ත් මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කර ඇත.
අධිකරණයේදී අනාවරණය වූ පරිදි එම සිදුවීමට මුහුණ පා ඇත්තේ 30 හැවිරිදි ජාත්‍යන්තර ශිෂ්‍යාවකි.
පසුගිය වසරේ ජූලි මාසයේදී ඇය කොන්දේ ආබාධයක් සඳහා ප්‍රතිකාර ලබාගැනීමට කාර්ලයින් වෛද්‍ය මධ්‍යස්ථානය වෙත පැමිණි අවස්ථාවේදී, ඇයට මාංශ පේශි පෙරළීමක් හෝ මෘදු පටක ආබාධයක් ඇති බව වෛද්‍යවරයා හඳුනාගෙන තිබේ. ඉන් පසු දින ලබාදුන් පසු සායනික හමුවකදී වෛද්‍යවරයා මෙම අතවරය සිදු කර ඇත.
ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව, වෛද්‍ය කාරියකරවන විසින් ව්‍යාජ ප්‍රතිපෝෂණ පත්‍රිකාවක් පරිගණකයෙන් සකස් කර මුද්‍රණය කර තිබේ. එහි “මෙම ප්‍රතිකාර ක්‍රමය ඉතා වෘත්තීය මට්ටමින් සිදු කළ අතර, මම ප්‍රතිකාරය පිළිබඳව සෑහීමකට පත්වෙමි” යනුවෙන් සඳහන් කර, ඊට අත්සන් තබන ලෙස ඔහු රෝගී කාන්තාවට පවසා ඇති බව අධිකරණයේදී හෙළි විය.
කෙසේ වෙතත්, වෛද්‍යවරයාගේ නීතිඥයා අධිකරණය හමුවේ තර්ක කළේ වින්දිත කාන්තාව පවසන කරුණු පරස්පර විරෝධී මෙන්ම පිළිගත නොහැකි ඒවා බවයි. තම සේවාදායකයා අතින් රෝගියාගේ ශරීරයේ සිය ලිංගික අවයව ස්පර්ශ වූයේ අහඹු ලෙස බවත් නීතිඥයා එහිදී පවසා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart