
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මැලේසියාවේ බලහත්කාර ශ්‍රම සූරාකෑමේ ජාවාරමක් මෙහෙයවූ බවට සැකපිට ශ්‍රී ලාංකිකයකු අත්අඩංගුවට ගෙන ඇති අතර, සූරාකෑමට ලක්වූ බවට සැලකෙන ශ්‍රී ලාංකික කාන්තාවක ද බලධාරීන් විසින් මුදාගෙන තිබේ.
මැලේසියානු ආගමන විගමන දෙපාර්තමේන්තුව පැවසුවේ, මානව ජාවාරම් සහ සංක්‍රමණිකයන් හොර රහසේ ප්‍රවාහනය කිරීමට එරෙහි සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ ඒකකය මගින් සෙලැන්ගෝර් හි ජෙන්ජරොම් හිදී සිදුකරන ලද මෙහෙයුමකදී 38 හැවිරිදි මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
මෙම මෙහෙයුම සිදුකර ඇත්තේ ශ්‍රී ලාංකික කාන්තාවක සූරාකෑමට ලක්වීම පිළිබඳව ලැබුණු මහජන පැමිණිලි සහ බුද්ධි තොරතුරු පදනම් කරගනිමිනි.
වලංගු ගමන් ලේඛන හෝ වීසා නොමැතිවීම හේතුවෙන් වයස අවුරුදු 21 ත් 51 ත් අතර පසුවන ශ්‍රී ලාංකිකයන් හයදෙනකු (පිරිමි පුද්ගලයන් සිව්දෙනකු සහ කාන්තාවන් දෙදෙනකු) ද බලධාරීන් විසින් මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත.
ආගමන විගමන දෙපාර්තමේන්තුවට අනුව, එක් ශ්‍රී ලාංකික කාන්තාවක මැලේසියාවේ මානව ජාවාරම් පිළිබඳ ජාතික මාර්ගෝපදේශ යටතේ සූරාකෑමට ලක්වූ තැනැත්තියක ලෙස හඳුනාගෙන මුදාගෙන තිබේ.
මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ රැකියා සහ වැඩ බලපත්‍ර ලබාදෙන බවට වූ පොරොන්දු මත ඇය මැලේසියාවට ගෙන්වාගෙන ඇති අතර, පසුව සැකකරුට අයත් ආහාර ව්‍යාපාරයක වේතනයක් නොමැතිව සේවය කිරීමට ඇයට බලකර ඇති බවයි. ඇයට ප්‍රමාණවත් ආහාර ලබා නොදීම, ඇගේ ගමනාගමන සීමාකිරීම සහ ශාරීරික වදහිංසා මෙන්ම තර්ජනය කිරීම්වලට ද ඇය ලක්ව ඇති බව බලධාරීන් පැවසීය.
මැලේසියානු ජාතික කාන්තාවක සමඟ විවාහ වීමෙන් ලබාගත් දීර්ඝ කාලීන සමාජ සංචාරක වීසා බලපත්‍රයක් හිමි මෙම සැකකරුට එරෙහිව, මැලේසියාවේ 2007 අංක දරන මානව ජාවාරම් සහ සංක්‍රමණිකයන් හොර රහසේ ප්‍රවාහනය කිරීමට එරෙහි පනත සහ 1959/63 ආගමන විගමන පනත යටතේ පරීක්ෂණ පවත්වනු ලබයි.
කම්කරු සූරාකෑම, බලහත්කාර ශ්‍රමය ලබාගැනීම සහ මානව ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව තදින්ම නීතිය ක්‍රියාත්මක කරන බව මැලේසියානු ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart