June 6, 2023

සංචාරක දකුණු අප්‍රිකානු A කණ්ඩායම සමග පැවති දෙවැනි එක්දින තරගය කඩුලු 07කින් ජය ගැනීමට ශ්‍රී ලංකා A කණ්ඩායම සමත් විය.

පල්ලෙකැලේදී ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු A කණ්ඩායමට සියලුදෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 175ක් පමණකි.

වරෙක ලකුණු 42කට කඩුලු 07ක් බිඳ වැටී තිබුණු ඉනිම යම් ගෞරවනීය තත්ත්වයකට ඔසවා තැබූ Tristan Stubbs ලකුණු 59ක් සහ Gerald Coetzee ලකුණු 77ක් ලබාගනිමින් දකුණු අප්‍රිකානු කණ්ඩායමට යම් ජීවයක් ලබාදුන්හ.

පන්දු යැවීමේදී ඩිල්ෂාන් මධුශංඛ ලකුණු 33කට කඩුලු 4ක් සහ සහන් ආරච්චිගේ ලකුණු 18කට කඩුලු 2ක් දවා ගත්හා.

ජයග්‍රාහී ඉලක්කය පන්දු වාර 29කදී කඩුලු 03ක් පමණක් දැවී සපුරාගන්නට ශ්‍රී ලංකා A කණ්ඩායම සමත් විය.

එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ නිශාන් මධුශ්ක නොදැවී ලකුණු 107ක් වාර්තා කළේය. ඊට හයේ පහර දෙකක් සහ හතරේ පහර 13ක් අන්තර්ගත විය.

සහන් ආරච්චිගේ නොදැවී ලකුණු 50ක් ලබාගත්තේය.

තරගාවලිය 1 – 1ක් ලෙස සම තත්ත්වයේ පවතින අතර දෙරට අතර තෙවැනි තරගය අනිද්දා (ජුනි 8) පැවැත්වීමට නියමිතය.