
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්දින තරගයකදී නවසීලන්ත කාන්තා කණ්ඩායම පළමු වරට පරාජයට පත්කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද(27) සමත්විය.
මීට පෙර නවසීලන්ත කාන්තා කණ්ඩායම එක්දින තරගාවලියකදි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හමුවේ පරාජයට පත්ව නොතිබිණි.
ගාල්ල ක්‍රිකට් ක්‍රිඩාංගණයේදි පැවති මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවිම නිසා පන්දුවාර 28කට සීමා කිරීමට විනිසුරුවන් තීරණය කර තිබිණි.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 28 අවසානයේ කඩුලු 05ක ලකුණු 170 ක් රැස්කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එම ඉලක්කය පන්දුවාර 27 ක් අවාසනයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 172ක් ලබාගනිමින් පසුකර ගියේය.
ඒ අනුව,තරග තුනකින් යුත් එක්දින තරගාවලියේ පළමු තරගය ජයගනිමින් පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කාන්තා පිළ සමත් විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart