March 29, 2026

අත්ලාන්තික් සාගරයේ වහල් වෙළඳාම මනුෂ්‍යත්වයට එරෙහි බරපතලම අපරාධය ලෙස ප්‍රකාශ කරන එක්සත් ජාතීන්ගේ ඓතිහාසික යෝජනාවට පක්ෂව තවත් රටවල් 122ක් සමග එක්ව ශ්‍රී ලංකාව ඡන්දය ලබාදී තිබේ.

ඝානාව විසින් මෙහෙයවන ලද අදාළ යෝජනාවට පක්ෂව ඡන්ද 123ක් ලැබිණි.

ආර්ජන්ටිනාව, ඊශ්‍රායලය සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල් තුනක් විරුද්ධව ඡන්දය දුන් අතර, රටවල් 52 ක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

ඡන්දය දීමෙන් වැළකී සිටි රටවලට එක්සත් රාජධානිය සහ යුරෝපීය සංගමයේ රටවල් ඇතුළත් විය.

විධිමත් සමාව අයැදීම, සොරකම් කරන ලද කෞතුක වස්තු ආපසු ලබාදීම, මූල්‍ය වන්දි ලබාදීම සහ එවැනි ක්‍රියා නැවත සිදුනොවන බවට සහතික වීම ඇතුළු වන්දි ගෙවීම් පිළිබඳ සංවාදයක නිරත වන ලෙස මෙම යෝජනාව සාමාජික රටවලින් ඉල්ලා සිටී.