
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පවතින ආර්ථික අර්බුදය හමුවේ කොළඹ වරායේ සිට කොළොන්නාව දක්වා ඉන්ධන ප්‍රවාහනය කෙරෙන නළ මාර්ගයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය අත්හැර දමා ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරයි.
මෙම තීරණය ගෙන ඇත්තේ දැනටමත් කොන්ත්‍රාත්තුව ප්රදානය කර තිබියදී සහ මෙම නළ මාර්ගය නොමැතිවීම හේතුවෙන් රටට සිදු වූ සැළකිව යුතු මූල්‍ය පාඩුවක් සිදුවීම නොසළකා හරිමිනි.
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පෙන්වාදෙන ආකාරයට 2020 දී කැබිනට් මණ්ඩලය මෙම ව්‍යාපෘතිය අනුමත කළේය.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා රුපියල සැළකිව යුතු ලෙස අවප්‍රමාණවීම හේතුවෙන් එම ව්‍යාපෘතිය පසුව අත්හැර දමා තිබිණි.
“2020 දී කැබිනට් අනුමැතිය ලැබුණත් ඩොලරයේ අගය ඉහළ යෑම ඇතුළු විවිධ හේතු නිසා කොන්ත්‍රාත්තුව ප්රදානය කළත් එය ක්‍රියාත්මක කිරීමට අපට නොහැකි වුණා. මගේ මතකයේ හැටියට විදේශ කොන්ත්‍රාත්කරුවෙකුට බාරගැනීමේ ලිපියක් දුන්නා. නමුත් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කිසිදු ඉදිරි පියවරක් ගෙන නැහැ,” යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චමින්ද හෙට්ටිආරච්චි සඳහන් කරයි.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) පිළිබඳ 2020 විගණකාධිපති වාර්තාවේ සඳහන් ආකාරයට, වසර හයක කාලයක් තුළ නැව් සමාගම්වලට ගෙවන ලද ප්‍රමාද ගාස්තු වශයෙන් සංස්ථාව දළ වශයෙන් ඩොලර් මිලියන 2.7ක් වැයකර ඇත.
පවතින නල මාර්ගයේ අවහිරතා සහ ගබඩා පද්ධතියේ අකාර්යක්ෂමතාව හේතුවෙන් යාත්‍රාවලින් ඉන්ධන ගොඩබෑමේ ප්‍රමාදයේ ප්‍රතිඵලයක් ලෙස මෙම අතිරේක වියදම දැරීමට සිදුව තිබේ.
මෙම ගැටළු හඳුනාගැනීමෙන් අනතුරුව නව නළ මාර්ගයක් ඉදිකිරීමට යෝජනාවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart