
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චීන නෞක ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් ඉන්දියාව දක්වන කනස්සල්ලට පිළියම් යෙදීමේ ප්රයත්නයක කොටසක් ලෙස ශ්‍රී ලංකා රජය යුදමය සහ වෙනත් විදේශීය නැව් හෝ ගුවන් යානා සංචාර සඳහා නව සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටියක් (SOP) කඩිනමින් එළිදැක්වීමට සූදානම් වන බව ඉන්දීය ජනමාධ්‍යය වාර්තා කරයි.
ශ්‍රී ලංකාවේ වරායට සහ මුහුදු සීමාවට ඇතුළු වීමට අවසර දිය යුතු යාත්‍රා පිළිබඳ මාර්ගෝපදේශ සහ විස්තර ඇතුළත් ක්‍රියා පටිපාටියක්, කොළඹ බලධාරීන් විසින් නුදුරේදීම විධිමත් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කරන බව මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන ‘හින්දුස්ථාන් ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි.
චීනයේ පාලනය යටතේ පවතින හම්බන්තොට වරායට චන්ද්‍රිකා සහ බැලස්ටික් මිසයිල නිරීක්ෂණය කිරීම සඳහා පහසුකම් සහිත, චීන මහජන විමුක්ති හමුදාව (PLA) භාවිත කරන නෞකාවක් වන යුවාන් වැන්ග් 5 පැමිණීම සම්බන්ධයෙන් පසුගිය වසරේ නවදිල්ලිය සහ කොළඹ අතර රාජ්‍ය තාන්ත්‍රික ගැටුමක් ඇති වූ පසුබිම හමුවේ මෙම නව පියවර ගැනෙමින් තිබේ.
චීන යාත්‍රාවලට ශ්‍රී ලංකා මුහුදු සීමාවේ සිටියදී ඉන්දීය ආරක්ෂක මර්මස්ථාන පිළිබඳව සිය උපකරණ භාවිත කරමින් නිරීක්ෂණය කළ හැකි වීම ඉන්දීය පාර්ශ්වයේ ලොකුම කනස්සල්ල බවට පත්ව ඇත.
ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා නිව්යෝර්ක් නුවර Carnegie Endowment විසින් වාර්ෂිකව සංවිධානය කරන ලද ඉන්දු-පැසිෆික් දුපත් සංවාදයට සහභාගී වෙමින් මෙම නව සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටිය ගැන සඳහන් කළේය.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කලින් සකස් කරන ලද ක්‍රියා පටිපාටි මත ගොඩනැගුණු නව සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටිය ගැන සඳහන් කරමින් ඔහු පෙන්වාදුන්නේ, ඉන්දීය පාර්ශවය සමඟ කළ උපදේශනවලින් පසුව එය සකස් කර ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart