June 14, 2023

ආසියානු යොවුන් කණිෂ්ඨ නෙට්බෝල් තරගාවලියේ අවසන් පූර්ව වටය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම්කම් ලබා ති⁣බේ. ඒ මුලික වටයේ සහභාගි වූ තරග 04න් 03ක් ජයගනිමිනි.

පසුගිය 10වැනිදා ඇරඹි තරගාවලියේ මූලික වටයේ තරගවලදි B කාණ්ඩයෙන් තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු කොරියාව,බෲනායි සහ චීන තායිපේ කණ්ඩායම් පරදවමින් ජයග්‍රහණ ලැබීය.

එහිදී සිංගප්පූරුව හමුවේ පමණක් ශ්‍රී ලංකාව පරාජය⁣⁣ට පත්විය.

හෙට තරගාවලියේ විවේක දිනයයයි. අවසන් පූර්ව තරග ලබන 16වැනිදා සහ අවසන් මහා තරගය ලබන 17 වැනිදා පැවැත්වීමට නියමිතය.