
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බංග්ලාදේශයෙන් ලබාගත් ඩොලර් මිලියන 200 ක ණය මුදල මේ වසරේදී පියවන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අද (01) පැවසීය.
මහ බැංකු අධිපතිවරයාට අනුව ශ්‍රී ලංකාව බංගලිදේශයෙන් ලබාගත් ණය මුදල අගෝස්තු හෝ සැප්තැම්බර් මාසයේදී පියවීමට බලාපොරොත්තු වේ.
2023 අප්‍රේල් මාසයේදී, බංග්ලාදේශය විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් ඩොලර් මිලියන 200 ක ණය මුදලේ ආපසු ගෙවීමේ කාලය තවත් මාස හයකින් දීර්ඝ කළේය.
මේ වසරේ මාර්තු මාසය වන විට ඩොලර් මිලියන 200 ක ණය මුදලේ පළමු වාරිකය ගෙවීමට ශ්‍රී ලංකා මහ බැංකුව බංග්ලාදේශයෙන් කල් ඉල්ලා සිටීමෙන් පසුව, ඒ වන විට සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂාවෙන් මෙම දිගුව ලබා දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart