April 11, 2025

මෙරටට සියයට 44ක තීරු බදු පැනවීමේ අමෙරිකානු ජනපතිගේ තීරණය සම්බන්ධයෙන් එරට වෙළඳ අධිකාරිය සමග සාකච්ඡා වට දෙකක් පවත්වා ඇති බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසයි.

ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට ජනාධිපතිවරයා පත්කළ කමිටුව විසින් ආදාළ සාකච්ඡා පවත්වා ඇති බව ඔහු සඳහන් කරයි.

මේ අතර, ගැටලුව සම්බන්ධ පැහිදිලි කිරීම් සඳහා මුදල් අමාත්‍යංශය විසින් තවත් ලිපියක් අමෙරිකාවට යොමුකළ බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

කෙසේවෙතත් ගෝලීය ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා රටවල් 60කට පැනවූ අනෝන්‍ය ගැලපුම් තීරුබදු දින 90ක කාලයකට මේ වන විට අත්හිටුවා තිබේ.