
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ කෘත්‍රිම බුද්ධිය(Artificial Intelligence (AI)) සංවර්ධනය කිරීම වෙනුවෙන් ලබන වසරේ රුපියල් බිලියනයක මුදලක් වැයකිරීමට තමන් කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත්
කිරීම සඳහා වන ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තිය ඉදිරි මාසය තුළ සකස් කර අවසන් කරන බවද ජනාධිපතිවරයා
පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කළේ, විශිෂ්ටතම ව්‍යාපාරිකයන් 40 දෙනකු අගයමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ පෙරේදා (20)පැවති ‘බිස්නස් ටුඩේ’ සම්මාන උලෙළ අමතමිනි.
“අපි කෘත්‍රිම බුද්ධිය ගැන අවධානය යොමුකළ යුතුයි. ඒ වෙනුවෙන් මම ලබන වසරේ රුපියල් බිලියනයක් වෙන්කරනවා. මේවා තමයි අපිට ති අභියෝග. මේ අභියෝගයට ඔබ සුදානම් වියයුතුයි.” යැයි ජනාධිපතිවරයා එහිදී පැවසීය.
රජය විසින් ආර්ථිකය විවෘත කරන විට, එහි වැඩි වගකීම පැවරෙන්නේ පෞද්ගලික අංශයට බවද ජනාධිපතිවරයා එහිදී පෙන්වාදුන්නේය.
“අපි ආර්ථිකය විවෘත කරන විට, එහි වර්ධනයේ වගකීම පෞද්ගලික අංශයට පැවරෙනවා. මෙම දැක්ම සඳහා ඔබ සෑම කෙනකුම දායක වනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. අපේ රටට නව අනාගතයක් ගොඩනැඟීම සඳහා එක්ව කටයුතු කරන
බැවින් ඒ සඳහා ඉදිරි මාසවලදී අපි ඔබගේ දායකත්වය සහ සහභාගිත්වය ඉතාම වැදගත් වෙනවා. පෞද්ගලික අංශය වර්ධනය පිටුපස ප්‍රධාන බලවේගය වීමට ඔබට අවශ්‍ය නම්, ඔබ සැලැස්මක් සකස් කර ප්‍රතිඵල ලබා දිය යුතුයි.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart