
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව මෙරට සැබෑ තත්ත්වය පිළිබිඹු නොකරන බව ශ්‍රී ලංකාව පවසයි.
ජිනීවා හි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිමාලී සුභාෂිණී අරුණතිලක මානව හිමිකා සැසිවාරය අමතමින් පැවසුවේ, ශ්‍රී ලංකාව පසුගිය වසර තුළ ලබා ඇති ආර්ථික, සමාජීය සහ මූල්‍ය ස්ථාවරත්වය දේශීය හා අන්තර්ජාතික වශයෙන් ඇගයීමට හා පිළිගැනීමට ලක්ව ඇති බවයි.
ආර්ථික හා මූල්‍ය ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් කටයුතු කිරීමට අවශ්‍ය සහ විශේෂඥ දැනුම ඇති අය රටේ අපේක්ෂාවන් පිළිබඳව විශ්වාසයෙන් සිටින බව ඇය පැවසුවාය.
“පසුගිය වසර තුළ පෙන්නුම් කළ රටේ සහ එහි ආයතනවල ප්රජාතන්ත්රවාදී ඔරොත්තුදීමේ හැකියාව නොසළකා හැරීමට මානව හිමිකම් කොමිසම කටයුතු නොකිරීම කණගාටුවට කරුණකි” යැයි හිමාලී නිත්‍ය නියෝජිතවරිය සඳහන් කළාය.
ඉලක්කගත සම්බාධක පිළිබඳ යොමු කිරීම් ඇතුළුව සියලුම නිගමන සහ නිර්දේශ ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකාව ප්‍රකාශ කළේ ඒවා ස්වාභාවික යුක්තියේ මූලධර්ම සහ විශ්වීයත්වය, අපක්ෂපාතීත්වය, වාස්තවිකත්වය සහ තෝරා නොගැනීම යන මූලධර්මවලට පටහැනි වැරදි සහ තහවුරු නොකළ මූලාශ්‍ර මත පදනම්ව ඇතැයි පවසමිනි.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අන්තර්ජාතික සහාය ඇතිව, විපතට පත්වූවන් සහ ඔවුන්ගේ නියෝජිතයන්ගේ පූර්ණ සහභාගීත්වයෙන්, පසු විපරම් ස්වාධීන සහ විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයක් ශ්‍රී ලංකා රජය විසින් ආරම්භ කළ යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය ඊයේ (11) අවධාරණය කළාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart