
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවට ආසන්න අන්තර්ජාතික නැව් මාර්ගය වෙනස් කිරීම සඳහා ඉදිරිපත්ව ඇති යෝජනාවකට රජය සිය විරෝධය පළකර ඇත.
ජූලි 6 වැනිදා ලන්ඩනයේ පැවති අන්තර්ජාතික සමුද්‍ර සංවිධානයේ (IMO) සමුද්‍රීය පරිසර ආරක්ෂණ කමිටුවේ (MEPC) 80 වැනි සැසිවාරයේ දී අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධානයක් විසින් මෙම යෝජනාව ඉදිරිපත්කර තිබිණි.
එම සැසියේදීම ශ්‍රී රජය නියෝජනය කරමින් නාවික අධ්යක්ෂ කපිතාන් උපුල් පීරිස් විසින් යෝජනාව ප්‍රතික්ෂේප කර ඇත.
ඉන්දියාව, චීනය, ඊජිප්තුව, බංග්ලාදේශය සහ ඇල්ජීරියාවෙන් මෙම ප්‍රතික්ෂේප කිරීම සඳහා ශ්‍රී ලංකාවට සහාය ලැබුණු බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි පවසයි.
දෙවුන්දර මුහුදු තීරය ආසන්නයේ ඇති මෙම නැව් මංතීරුව නිල් තල්මසුන්ට බලපාන බවත්, තල්මසුන් නැව්වල ගැටීමෙන් ආරක්ෂා කර ගැනීම වැදගත් බවත් අදාළ රාජ්‍ය නොවන සංවිධාන පවසා ඇත.
ඒ අනුව මෙම නැව් මංතීරුව තවදුරටත් දකුණට ගෙනයෑමට ශ්‍රී ලංකා රජයට උපදෙස් දෙන ලෙස ඔවුන් IMO වෙතින් ඉල්ලා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart