June 19, 2026

මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ නැංවීම සහ මෙරට ගෝලීය සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රචලිත කිරීම අරමුණු කරගනිමින්, එළඹෙන නොවැම්බර් මාසයට පෙර මෙරට නව සංචාරක කලාප 20ක් නිල වශයෙන් ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් පැවසුවේ, මෙම නව සංචාරක කලාප නම් කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති අතර එය නොවැම්බර් මාසයට පෙර අවසන් කරන බවයි.

මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංචාරකයින්ගේ පැමිණීමේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින්, ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය ස්ථාවර ලෙස යථා තත්ත්වයට පත්වෙමින් පවතින පසුබිමක මෙම නව පියවර ගෙන ඇත.

පවතින දත්තවලට අනුව, අදාළ කාලසීමාව තුළ සංචාරකයින් 1,076,487 දෙනෙකු මෙරටට පැමිණ තිබේ.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට වැඩිම සංචාරකයින් පිරිසක් දායක කරමින් ප්‍රධානතම වෙළෙඳපොළ බවට පත්ව ඇත්තේ ඉන්දියාවයි. ඒ අනුව මේ දක්වා ඉන්දීය සංචාරකයින් 272,099 දෙනෙකු මෙරටට පැමිණ ඇත.