
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වැනි සැසිවාරයේ 41 වන රැස්වීමේදී, ශ්‍රී ලංකාව රට තුළ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ A/HRC/60/L.1/Rev.1 යෝජනාව නිල වශයෙන් ප්‍රතික්ෂේප කර තිබේ.
ශ්‍රී ලංකාවේ විරෝධය නොතකා, යෝජනාව ඡන්ද විමසීමකින් තොරව සම්මත වූ අතර ඒ සඳහා රටවල් 30 ක සන්ධානයක් සහාය දක්වා ඇත.
කැනඩාව, මලාවි, මොන්ටිනිග්‍රෝ, උතුරු මැසිඩෝනියාව සහ එක්සත් රාජධානිය යන රටවලින් සමන්විත මූලික කණ්ඩායම විසින් සැප්තැම්බර් 10 වැනි දින මුලින් සභාගත කරන ලද යෝජනාව ඔක්තෝබර් 1 වන දින ඇල්බේනියාව, ඔස්ට්‍රියාව, කොස්ටාරිකාව, යුරෝපීය රටවල් කිහිපයක්, නවසීලන්තය ඇතුළුව පුළුල් සන්ධානයක් විසින් සංශෝධිත ආකාරයෙන් ඉදිරිපත් කර තිබේ.
මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කර ඇති පරිදි දේශපාලන අධිකාරිය බෙදාහැරීම, විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල පළාත් සභා මැතිවරණ පැවැත්වීම සහ මෙම ආයතන ඵලදායී ලෙස ක්‍රියාත්මක වන බව සහතික කිරීම ඔවුන් අදාළ යෝජනාව මගින් ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියි.
යෝජනාවේ ප්‍රමුක අරමුණ වන්නේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අන්තර්ජාතික මානුෂීය නීතිය උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වින්දිතයන් සහ ඔවුන්ගේ නියෝජිතයින්ගේ පූර්ණ සහභාගීත්වයෙන් යුත් පුළුල් හා අපක්ෂපාතී පරීක්ෂණ සඳහා වන ඉල්ලීමයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කරන ලෙස ද එමගින් ඉල්ලා සිටින අතර, දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන්ට අසමාන ලෙස බලපාන නීතිය යටතේ අඛණ්ඩව රඳවා තබා ගැනීම් ෙමගින් පෙන්වා දී ඇති අතර, භාෂණයේ නිදහස ආරක්ෂා කිරීම සඳහා මාර්ගගත ආරක්ෂණ පනතට ප්‍රතිසංස්කරණ සිදුකරන ලෙස ද ඉල්ලා සිටියි.
කෙසේවෙතත් යෝජනාව ඉදිරිපත් කරමින් එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවේ කැපවීම් අගය කළ අතර, පොරොන්දු සැබෑ ක්‍රියාමාර්ග බවට පත්කරන ලෙස ඉල්ලා සිටියේය.
සමූහ මිනීවළවල් ගොඩගැනීමේ අවශ්‍යතාවය, ස්වාධීන නඩු පැවරීමේ යාන්ත්‍රණ සහ මානව හිමිකම් ආරක්ෂකයින් නිරීක්ෂණය කිරීම අවසන් කිරීමේ අවශ්‍යතාවය ද එමගින් අවධාරණය කර තිබේ.
එමෙන්ම එක්සත් රාජධානියේ නියෝජිතයා ඡන්ද විමසීමකින් තොරව යෝජනාව සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන බව ද එය ඉදිරිපත් කරමින් පැවසුවේය.
කෙසේවෙතත් සිය අදහස් දැක්වීමේදී චීනය පැවසුවේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රගතිය සහ ආර්ථික ප්‍රකෘතිය ප්‍රශංසාවට ලක්කරන බවයි.
එහි ස්වෛරීභාවය සහ දේශපාලන ස්ථාවරත්වය සඳහා සහයෝගය චීනය නැවත තහවුරු කළේය.
එමෙන්ම චීනය යෝජනාවට විරුද්ධ වූ අතර, අනෙකුත් රටවල් විවිධ ස්ථාවරයන් ඉදිරිපත් කර තිබිණි.
දකුණු කොරියාව සහ ජපානය රජයේ ප්‍රතිසංස්කරණ උත්සාහයන් පිළිගත් අතර යෝජනාව සම්මත කරගැනීමට සහාය දැක්වීය.
ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ සාමාජික රටවල් ශ්‍රී ලංකාවේ සමාජීය සහ ව්‍යවස්ථාදායක ප්‍රතිසංස්කරණ ප්‍රගතිය ඉස්මතු කරමින්, ස්වෛරීභාවය සහ ජාතික අයිතිය අවධාරණය කෙරිණි.
ඉතියෝපියාව සහ කියුබාව බාහිර බලපෑම් සඳහා විරුද්ධ වූ අතර, ජාතික ස්වෛරීභාවයට ගරුකිරීම සහ මැදිහත් නොවීම ඉල්ලා සිටියේය.
මෙ අතර ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය, මානව හිමිකම් කවුන්සිලයේ බාහිර සාක්ෂි රැස් කිරීමේ යාන්ත්‍රණය දීර්ඝ කිරීම විවේචනයට ලක්කළාය.
එය පෙර නොවූ විරූ සහ සැබෑ දේශීය සංහිඳියා උත්සාහයන් ප්රතිපලදායක බවත්, අතීත උල්ලංඝනයන් නිවැරදිව සොයාබැලීම සඳහා ජාතික ආයතනවලට ඇති කැපවීම ශ්‍රී ලංකාව අවධාරණය කළ අතර, යෝජනාව ප්‍රතික්ෂේප කරන ලෙස ද ඉල්ලා සිටියාය.
විවාදයෙන් පසු, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සභාපතිවරයා ඡන්දයකින් තොරව යෝජනාව සම්මත කිරීම නිවේදනය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart