
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බළකායට අයත් සුරක්ෂා නෞකාවක් යොදවා දේශීය බහුදින ධීවර යාත්‍රාවක් සමග පක්ෂි සහ උරග විශේෂ කිහිපයක් ජාවාරම් කිරීමට සම්බන්ධ සැකකරුවන් 05 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම මෙහෙයුම 2024 ජුලි 07 වන දින දකුණු මුහුදේ සිදුකර තිබේ.
කුරුල්ලන් සහ උරගයින් ජාවාරම් කිරීමේ ජාවාරමක් පිළිබඳව අවධානය යොමුකරමින් නාවික හමුදා බුද්ධි අංශ විසින් දීර්ඝ කාලයක් පුරා සිදුකරන ලද පුළුල් තොරතුරු විශ්ලේෂණයක් මත මෙම මෙහෙයුම සිදුකර ඇත.
දකුණු මුහුදු තීරයේදී සැකකටයුතු ට්‍රෝලර් යාත්‍රාව පරීක්ෂා කිරීමේදී එහි ප්‍රවාහන කරමින් තිබූ පිඹුරන් 13 ක්, කටුස්සන් 01 ක්, ඉබ්බන් 01 ක් සහ ගිරවුන් 03 ක් හමු වූ බව නාවික හමුදාව පවසයි.
බහුදින ධීවර යාත්‍රාව ජුලි 08 වැනි දින රාත්‍රියේ ගාලු වරායට රැගෙනවිත් ඇති අතර, එහිදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් එම සතුන් පරීක්ෂා කර ශ්‍රී ලංකාවට ආවේණික නොවන විශේෂයන් ලෙස හඳුනාගෙන ඇත.
වනජීවී ජාවාරම් චෝදනා මත රඳවාගෙන සිටින බහුදින යාත්‍රාව මීගමුව ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇතැයි අනාවරණය වී තිබේ.
මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් මීගමුව සහ කොච්චිකඩේ ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 34 සිට 67 දක්වා වයස්වල පසුවන්නන් බවට හඳුනාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ ට්‍රෝලර් යාත්‍රාව සහ සතුන් ඉදිරි නීතිමය කටයුතු සඳහා හික්කඩුව – වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට කටයුතු කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart