
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ වරාය නගරය(පොර්ට් සිටි) ගෝලීය වශයෙන් ප්‍රවර්ධනය කිරීම සඳහා හිටපු බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් තෝරාගැනීම සම්බන්ධයෙන් ආයෝජන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම කරුණු පැහැදිලි කර ඇත.
මෙම තෝරාගැනීම, පොර්ට් සිටිය “සම්පූර්ණයෙන්ම චීන ව්‍යාපෘතියක් නොවන” බව ඔප්පු කිරීමේ උපාය “විය හැකි” බව රාජ්‍ය ඇමතිවරයා පෙන්වාදෙයි.
අනාගත ශ්‍රී ලංකාවේ ගමන්මග වෙනස් කරන සන්ධිස්ථානය ලෙස චීනය විසින් හඳුන්වන කොළඹ වරාය නගරය ප්‍රවර්ධනය කිරීමට ඩේවිඩ් කැමරන් තෝරාගෙන ඇත.
කොළඹ වරාය නගරය ප්‍රවර්ධනය කිරීම සඳහා පසුගිය මාසයේ අබුඩාබි සහ ඩුබායි හි පැවති මාර්ග සංදර්ශන දෙකකට කැමරන් සහභාගී විය.
“දැන් ශ්‍රී ලංකාවේ කොළඹ වරාය නගරයේ ආයෝජනය කිරීමට කාලයයි” මැයෙන් ඔහු සංවාදයකට ද සම්බන්ධ විය.
වරාය නගරය ඉදිකරන ලද්දේ චයිනා හාබර් ඇන්ඩ් ඉංජිනියරින් සමාගමේ (CHEC) ආයෝජනයෙනි.
එය CHEC Port City ලෙස නම් කර ඇත.
“රජය ඩේවිඩ් කැමරන් තෝරා ගත්තේ නැත. ඔහු තෝරා ගත්තේ පෝට් සිටි සමාගම විසිනි. ඔවුන් ඩේවිඩ් කැමරන්ව තෝරා ගත්තා” යැයි හිටපු අගමැතිවරයා තෝරාගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් දිලුම් අමුණුගම රාජ්‍ය ඇමැතිවරයා හෙළිකරයි.
“මට හේතුව හිතාගන්න පුළුවන්. ඒකට හේතුව වෙන්න ඇති මම හිතන්නේ හැමෝම කිව්වේ මේක ලංකාවේ චයිනාටවුන් කියලා. ඉතින්… චීනුන්ට ඕන මේක ලංකාවේ චයිනාටවුන් එකක් නෙවෙයි කියලා ඔප්පු කරන්න. එය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවට අයත් ව්‍යාපෘතියක් වන අතර ඕනෑම කෙනෙකුට පැමිණ ආයෝජනය කකරන්න පුළුවන්” යැයි රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart