
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෙම වසරේ මුල් මාස අට තුළ රුපියල් බිලියන 19.5ක ලාභයක් ලබා ඇති අතර, එය 2022 වසරේ සමස්ත ලාභය වන රුපියල් බිලියන 12.5 පසුකර යාමක් බව මුදල් අමාත්‍යාංශ වාර්තාවක් මගින් අනාවරණය කර තිබේ.
2022 පළමු මාස අට තුළ සමාගම රුපියල් බිලියන 9.4ක ලාභයක් වාර්තා කර ඇති අතර ඒ අනුව මේ වසරේ අදාළ කාලසීමාව තුළ දී එය රුපියල් බිලියන 19. 5 ක් දක්වා බිලියන 10 කට අධික අගයකින් වර්ධනය වී ඇත.
මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ, වෙළෙඳපොළේ ආයෝජන මත ප්රතිලාභ වැඩිවීම නිසා ආයෝජනවලින් ලැබෙන ආදායම වැඩිවීමයි.
එමෙන්ම ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වත්කම් 2022 අවසානයේ බිලියන 273.7 සිට 2023 අගෝස්තු අවසන් වන විට රුපියල් බිලියන 301.6 දක්වා ඉහළ ගොස් ඇත.
අධිකරණ නියෝගයක් මගින් පෞද්ගලීකරණය ආපසු හැරවූ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මේ වනවිට තරඟකාරී ලංසු තැබීමේ ක්‍රියාවලියක් යටතේ යළි පෞද්ගලීකරණය කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart