
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලෝක කුසලාන පාපන්දු තරගාවලියට අදාළ ආසියානු කලාපයේ සුදුසුකම් ලැබීමේ තරග සඳහා ක්රීඩා කිරීමට ශ්රී ලංකා පාපන්දු කණ්ඩායමට අවසර හිමිවී තිබේ.
කොන්දේසි සහිතව අන්ර්තර්ජතික පාපන්දු සම්මේලනය සහ ආසියානු පාපන්දු සම්මේලනය විසින් මෙම අවසරය ලබාදුන් බව ශ්රී ලංකා පාපන්දු සම්මේලනය නිවේදනය කරනු ලැබීය.
පාපන්දු ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග 2023 ඔක්තෝම්බර් 12 සහ 17 යන දිනවල පැවැත්වෙයි.
ඒ අනුව ලෝක කුසලාන තරගාවලියට, අවම වශයෙන් දින 10කට පෙර ශ්රී ලංකා පාපන්දු සම්මේලනයට නිලවරණය පැවැත්වීම අනිවාර්ය කර ඇත.
නිලවරණය නොපැවත්වුහොත් ශ්රී ලංකාවට සුදුසුකම් ලැබීමේ තරග සඳහා ක්රීඩා කිරීමට ඉඩ ලබානොදෙනු ඇති බවද සදහන් කර තිබේ.
ඒ අනුව, ක්රීඩා ඇමැති රොෂාන් රණසිංහ ශ්රී ලංකා පාපන්දු සංගමයේ නිලවරණය කැදවීමට හා පැවැත්වීමට ත්රිපුද්ගල කමිටුවක් පත් කරනු ලැබීය.
කෙසේ වෙතත් අන්ර්තර්ජතික පාපන්දු සම්මේලනය විසින් ශ්රී ලංකාවට පනවා ඇති තහනම එලෙසින් ක්රියාත්මක වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart