February 11, 2026

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් හි 2025 ගෝලීය දූෂණ දර්ශකයේදී ශ්‍රී ලංකාව සිය ස්ථානය වැඩිදියුණු කර ගැනීමට සමත්වී තිබේ.

ඒ අනුව දර්ශකයේ ඇති රටවල් 182 අතරින් 121 වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව 107 දක්වා ඉහළට පැමිණ තිබේ.

දූෂණ සංජානන දර්ශකය යනු ලෝකයේ බහුලව භාවිත වන ගෝලීය දූෂණ ශ්‍රේණිගත කිරීම වේ.

විශේෂඥයන් සහ ව්‍යාපාරිකයන්ට අනුව, එක් එක් රටවල රාජ්‍ය අංශය කෙතරම් දූෂිතද යන්න එමගින් මනිනු ලබයි.

නවතම වාර්තාවට අනුව, ශ්‍රී ලංකාව පසුගිය වසරේ ලකුණු 32ක් ලබාගෙන 121 වැනි ස්ථානයේ සිටි අතර 2025 දී ලකුණු 35ක් ලබාගෙන 107 වැනි ස්ථානය දක්වා ඉහළ ගොස් තිබේ.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් වාර්තාවට අනුව ශ්‍රී ලංකාව 2024 සිට +3ක ලකුණු වෙනසක් වාර්තා කරයි.