
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ක්‍රිස්තු පූර්ව 400දී පැරැණි සේද මාවත ඔස්සේ මෙරටට පැමිණි පාහියන් භික්ෂුවට විනය පිටකය ප්‍රදානය කිරීම තුළින් ශ්‍රී ලංකාව චීනයට ඉතිහාසයේ විශාලතම දායකත්වය ලබා දී ඇති බව සම්බෝධි මහා විහාරාධිපති හිමි බොරලන්දේ වජිරඤාණ හිමියෝ පවසති.
උන්වහන්සේ මෙම අදහස් පළකරන ලද්දේ ඊයේ එම විහාරස්ථානයේ පැවති ජනමාධ්‍ය හමුවකට එක්වෙමිනි.
චීනයේ ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩසටහනේ 10 වැනි සංවත්සරය නිමිත්තෙන් චීන ආධාර මත සුබසාධන ව්‍යාපෘති මාලාවක් ප්‍රකාශයට පත්කරමින් වජිරඤාණ හිමියෝ මේ බව පැවසූහ.
වසර 2000කට පමණ පෙර ආරම්භ වූ චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව ඉතිහාසයේ නොයෙකුත් අවස්ථා වලදී චීනය මෙරටට නිරන්තරයෙන් ආධාර කර ඇති බවත් උන්වහන්සේ පැවසූහ.
ශ්‍රී ලංකාවට යුවාන් මිලියන 1.3 ක් වටිනා සුබසාධන ව්‍යාපෘති මාලාවක් සහ අරමුදල් සහ කෘෂි උපකරණ පරිත්‍යාග කිරීම සැප්තැම්බර් 01 වැනිදා සිට ආරම්භ වන දින අටක වැඩසටහනකදී මහනුවර, අනුරාධපුරය, ගාල්ල සහ කොළඹ යන ප්‍රදේශවලදී සිදුකෙරෙන බව උන්වහන්සේ අනාවරණය කළහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart