April 22, 2023

යුරෝපා සංගමය, එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය යන පාර්ශ්වයන් විසින් රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ, යෝජිත යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ විධිවිධාන සම්බන්ධයෙන් බරපතල විරෝධය එල්ල කිරීම හේතුවෙන් හේතුවෙන් ශ්‍රී ලංකාවට GSP + වෙළඳ සහන අහිමි වීමේ අවදානමක් නිර්මාණය වී ඇතැයි වාර්තා සඳහන් කරයි.

ඉහත පාර්ශවවල විරෝධතා සැළකිල්ලට ගනිමින්, යුරෝපා සංගමයේ විදේශ ක්‍රියාකාරී සේවා නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්‍ෂ(ආසියා පැසිෆික් කලාපය) පෝලා පැම්පලෝනි (Paola Pampaloni) විසින්, නව පනත් කෙටුම්පත පිළිබඳ කනස්සල්ල පළ කරමින් ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශයට ලිපියක් ඒවා ඇති බව වාර්තා අනාවරණය කරයි.

නව පනත් කෙටුම්පතේ අන්තර්ගතය සම්බන්ධයෙන් ඇමරිකාව සිය අප්‍රසාදය වොෂින්ටනයේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ හරහා දන්වා ඇතැයි පැවැසේ. එමෙන්ම මෙම පනත් කෙටුම්පත වෙනස් නොකළහොත්, වෙළෙඳ සබඳතාවලට බලපෑමක් ඇති කරන බව එක්සත් රාජධානියේ බලධාරීන් රැඳී සිටින ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශ ලේකම් අරුණි විජේවර්ධනට දන්වා ඇතැයි වාර්තා සඳහන් කරයි.

මීට අමතරව, 2023 අප්‍රේල් 17 වැනි දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සමඟ තේ පන් සංග්‍රහයකට එක්වූ යුරෝපා සංගමයේ සාමාජික රටවල ඇතැම් නියෝජිතයන් මේ සම්බන්ධයෙන් කනස්සල්ල පළ කර ඇතැයි ආරංචි මාර්ග අනාවරණය කරයි.

ශ්‍රී ලංකාව පිළිබඳ යුරෝපා කොමිසමේ නවතම වාර්තාව ලබන මස අවසානයේ හෝ ජූනි මස මුලදී ඉදිරිපත් කිරීමට නියමිතය.