
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලෝක ආහාර වැඩසටහනට දක්වන දායකත්වයේ කොටසක් ලෙස රුසියාව මෙරට ජනතාව වෙත සූරියකාන්ත තෙල් තොගයක් පරිත්‍යාග කර ඇත.
විටමින් සහ ඛනිජ ලවණවලින් පොහොසත් සූරියකාන්ත තෙල් ටොන් 352ක් පමණ මෙසේ පරිත්‍යාග කර තිබේ.
මෙම පරිත්‍යාගය සනිටුහන් කිරීමේ උත්සවයට එක්වෙමින් රුසියානු තානාපති ලෙවන් ධගාරියන් සඳහන් කර ඇත්තේ, මෙය රුසියානු – ශ්‍රී ලංකා සබඳතා වර්ධනයේ සැබෑ ඓතිහාසික අවස්ථාවක් සනිටුහන් කරන බවයි.
රුසියානු විදේශ ප්‍රතිපත්තියේ එක් අරමුණක් වන්නේ ආර්ථික, සමාජීය, සංස්කෘතික සහ මානුෂීය ගැටලු විසඳීම සඳහා අන්තර්ජාතික සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම බව තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart