
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ ගංවතුර සහ නායයෑම් සම්බන්ධයෙන්, ඉන්දියාවේ දැනට භාවිත කරන කාලගුණ අනාවැකි ක්‍රම යොදා ගැනීමෙන් වඩාත් හොඳින් පුරෝකථනයන් ලබාගත හැකි බව අධ්‍යයනයකින් හෙළිවී තිබේ.
ශ්‍රී ලංකාවේ අධික වර්ෂාපතනය සඳහා ප්‍රජාවන්ට වඩා හොඳින් සූදානම් වීමට නව පර්යේෂණයට හැකියාව ඇත.
අධික වර්ෂාපතනයෙන් ඇති වන ගංවතුර සහ නායයෑම් හේතුවෙන් ශ්‍රී ලංකාව අතිශයින් අවදානමට ලක් වේ.
ආචාර්ය කේෂව් ඩියෝරාස් විසින් මෙහෙයවන ලද සහ භූ භෞතික පර්යේෂණ ලිපිවල අද (ජුලි 27 බ්‍රහස්පතින්දා) ප්‍රකාශයට පත් කරන ලද මෙම අධ්‍යයනය මගින්, ශ්‍රී ලංකාවේ අයහපත් කාලගුණය අධ්‍යයනය කිරීමේ වැදගත්කම ඉස්මතු කර ඇත.
“දේශගුණික විපර්යාස හේතුවෙන් අනාගතයේදී තීව්රවීමට ඉඩ ඇති ව්‍යසනකාරී ගංවතුර සහ අයහපත් කාලගුණික සිදුවීම්වලට අතිශයින් ගොදුරු විය හැකි වුවද, ශ්‍රී ලංකාව බොහෝ දුරට පර්යේෂකයන් විසින් නොසළකා හැර ඇත. ඉන්දියාවේ කාලගුණ අනාවැකි වැඩිදියුණු කිරීම සඳහා දැනටමත් භාවිතා කරන ශිල්පීය ක්‍රම, ශ්‍රී ලංකාව තුළ ද ඵලදායී ලෙස භාවිත කළ හැකි බව අපගේ අධ්‍යයනයෙන් ප්‍රථමයෙන් පෙන්වා දී ඇත.” යැයි ආචාර්ය කේෂව් ඩියෝරාස් එහිදී පෙන්වාදී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart