
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාව පසුගිය වසර හය තුළ වෙළෙඳ පහසුකම් සැලසීමේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමේදී සංවර්ධනය වෙමින් පවතින සහ අඩු සංවර්ධිත රටවල් 125ක් අතුරින් 104 වැනි ස්ථානයට පත්ව ඇති බව ස්වාධීන පර්යේෂණ ආයතනයක් වන වෙරිටේ රිසර්ච් සිදුකළ නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ.
වෙරිටේ රිසර්ච් විසින් කරන ලද මෙම අධ්‍යයනයෙන්, ශ්‍රී ලංකාව එහි කලාපීය තරඟකරුවන්, අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවල් සහ අඩු සංවර්ධිත රටවල් සමඟ වෙළඳ පහසුකම් සැපයීමේ ප්‍රගතිය සංසන්දනය කර ඇත.
මෙම සංසන්දනය සඳහා ලෝක වෙළඳ සංවිධානය විසින් සිය වෙළඳ පහසුකම් දත්ත ගබඩාවේ ප්‍රකාශයට පත් කර ඇති තොරතුරු භාවිත කර තිබේ.
මෙහිදී විදේශ ආධාර නොමැතිව වෙළඳ පහසුකම් සැලසීමේ ක්‍රියාමාර්ගවලින් 69.3% කට වඩා ශ්‍රී ලංකාවට ක්‍රියාත්මක කළ නොහැකි බව අනාවරණය වී ඇත.
එහි අදහස වන්නේ, වෙළඳ ක්‍රියා පටිපාටි, බදු, ගාස්තු ආදිය පිළිබඳව ක්‍රියාත්මක වීමේදී ශ්‍රී ලංකාව විශාල ලෙස විදේශ ආධාර මත යැපෙන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart