July 10, 2025

එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට 30%ක තීරුබදු පැනවූ අතර එය තවත් රටවල් හයකට බලපාන පුළුල් පැකේජයක කොටසක් බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජූලි 9 වන දින නිවේදනය කළේය.

නව පියවර යටතේ ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා අගෝස්තු 1 සිට බලපැවැත්වෙන පරිදි ඇමෙරිකා එක්සත් ජනපදය තීරුබදු 30% දක්වා ඉහළ දමනු ඇත.

අමෙරිකා එක්සත් ජනපදය විසින් ඇල්ජීරියාව, ඉරාකය සහ ලිබියාව සඳහා ද එම 30% ක තීරුබදු පැනවූ අතර, බෲනායි සහ මෝල්ඩෝවා 25% කට සහ පිලිපීනය 20% ක තිරුබද්දකට මුහුණ දී සිටී.

පළමු නිවේදනයේදී එක්සත් ජනපදය ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවෙන් සිදුකරන ආනයන වෙනුවෙන් සියයට 44ක තීරුබද්දක් පනවන බවයි.