
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන වැඩමුළුවට සහභාගී වීමට චීනයට ගිය, යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේගේ නායකත්වයෙන් යුත් පාර්ලිමේන්තු දූත පිරිස සිය සංචාරය අවසන් කර තිබේ.
චීන ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිසමේ අන්තර්ජාතික සහයෝගිතා මධ්‍යස්ථානය විසින් සංවිධාන කරන ලද සහ චීන වාණිජ අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් පැවති මෙම වැඩමුළුව 2025 ජුනි 20 සිට ජූලි 6 දක්වා පැවැත්විණි.
ශ්‍රී ලංකා-චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නිලධාරී මණ්ඩලය සහ විධායක කමිටු සාමාජිකයන් ලෙස සේවය කරන රජයේ සහ විපක්ෂයේ සාමාජිකයන් මෙම දූත පිරිසට ඇතුළත් විය.
රජයේ නියෝජිතයන් අතර අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සමන්මලී ගුණසිංහ, ලක්මාලි හේමචන්ද්‍ර, ලුතිනන් කමාන්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග, අජිත් ගිහාන්, ක්‍රිෂ්ණන් කලයිචෙල්වි, දිනිඳු සමන් හෙන්නායක, භාග්‍යා ශ්‍රී හේරත්, අබූබකර් අතම්බාව, අශෝක ගුණසේන සහ තනුර දිසානායක යන අය ඇතුළත් විය.
විපක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කිංස් නෙල්සන්, බී. ආරියවංශ සහ අනුරාධ ජයරත්න යන අය සහභාගී වූහ.
දූත පිරිස සමඟ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න, ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු සම්ප්‍රදායික නිලධාරී රනිල් නානායක්කාර සහ පාර්ලිමේන්තු සභානායක කාර්යාලයේ කළමනාකරණ සේවා නිලධාරී තිළිණි තුෂාරිකා ගමගේ ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.
සංචාරය අතරතුර, නියෝජිත පිරිස ලියාඕනිං පළාතේ අගනුවර වන ෂෙන්යැං වෙත ගිය අතර, එහිදී ඔවුන් ෂෙන්යැං නාගරික රජයේ උප නගරාධිපති සහ පක්ෂ කණ්ඩායමේ සාමාජික ලියු කෙබින් සමඟ ඵලදායී සාකච්ඡා පැවැත්වූහ.
ඔවුන්ගේ අධ්‍යයන වැඩසටහනේ කොටසක් ලෙස, නියෝජිත පිරිස නැගෙනහිර චීනයේ ජියැංසු පළාතේ අගනුවර වන නැන්ජිං වෙත ද ගියහ.
එහිදී, දෙරට අතර සුහද සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගත් ජියැංසු පළාතේ උප ආණ්ඩුකාර චෙන් ෂොංවෙයි සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වූහ.
වැඩසටහනට ක්ෂේත්‍ර චාරිකා සහ සංස්කෘතික දර්ශන නැරඹීමේ ක්‍රියාකාරකම් කිහිපයක් ද ඇතුළත් විය.
2025 ජූලි 5 වැනි දින බීජිං හි පැවති සමාප්ති උත්සවයකින් වැඩමුළුව අවසන් විය.
මෙම සංචාරය පුරා, නියෝජිත පිරිස චීනයේ සංවර්ධන ගමනේ විවිධ අංශ පිළිබඳව වටිනා අවබෝධයක් ලබා ගත් අතර ශ්‍රී ලංකාව සහ චීනය අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කිරීම සඳහා ඔවුන්ගේ කැපවීම නැවත තහවුරු කළහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart