June 1, 2023

මේ වසර අවසානය වන විට ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව නැවත වතාවක් 350ක අගයක් දක්වා අවප්‍රමාණ වනු ඇතැයි බ්ලූම්බර්ග් (bloomberg) ව්‍යාපාරික පුවත් සේවය අනාවැකි පළකරයි.

ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් PLC සහ BMI දත්තවලට අනුව පසුගිය බදාදා ශ්‍රී ලංකා රුපියල 289.91 දක්වා ඉහළ ගිය නමුත්, එම අගයන් තාවකාලික බවද බ්ලූම්බර්ග් සඳහන් කරයි.

රුපියල මෙලෙස තාවකාලිකව අධිප්‍රමාණ වී ඇත්තේ මේ වසරේ ගෝලීය මුදල් ශ්‍රේණිගත කිරීම්වල ඉහළට පැමිණීමෙන් පසු, රජය ආනයන සීමාකිරීම් සහ ණය ආපසු ගෙවීමේ ක්‍රියාවලිය ලිහිල් කිරීම නිසා බවද බ්ලූම්බර්ග් පෙන්වාදෙයි.

කෙසේවෙතත් ශ්‍රී ලංකා රුපියල සඳහා ඉදිරියේදී දුෂ්කර කාලයන් පැමිණෙන බව බ්ලූම්බර්ග් සමග කටයුතු කරන ආර්ථික විශ්ලේෂකයෝ අනාවැකි පළ කර ඇත.