
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් රාජධානියේ සිදුවෙමින් පවතින සංක්‍රමණික විරෝධී කෝලාහල හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත ආරක්ෂක ගැටළු මතුකර තිබේ.
ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් තරගය අගෝස්තු 21 වැනිදා පැවැත්වීමට නියමිත මැන්චෙස්ටර් ඇතුළු විවිධ නගරවල විරෝධතා සහ ප්‍රතිවිරෝධතා මතුවීමත් සමඟ, පූර්ව තරග පුහුණුව සඳහා දැනටමත් එංගලන්තයට ගොස් සිටින ක්‍රීඩකයන් කනස්සල්ල පළකර තිබේ.
කෙසේවෙතත් මීට ප්‍රතිචාර දක්වමින් එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා ඇත්තේ, සංචාරය සඳහා ප්‍රමාණවත් ආරක්ෂාවක් සම්පාදනය කර ඇති බවයි.
මෙම සහතික කිරීම් නොතකා, ශ්‍රී ලංකා කණ්ඩායම ඉරිදා ප්‍රධාන කණ්ඩායම පැමිණෙන විට අමතර ආරක්ෂාවක් ලබැදෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉල්ලා ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු මහින්ද හලංගොඩ ESPNcricinfo වෙත පවසා ඇත්තේ, විශේෂයෙන් අගෝස්තු 21 සිට කණ්ඩායම ඔවුන්ගේ පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන මැන්චෙස්ටර් හි ප්‍රවෘත්ති වාර්තා දැකීමෙන් පසු ආරක්ෂාව පිළිබඳ කනස්සල්ල පළකළ බවයි.
නොසන්සුන්තා මධ්‍යයේ වුවද ක්‍රීඩා ඉසව්වල ආරක්ෂාව ගැන එක්සත් රාජධානියේ රජය සහ පොලිසිය සහතික වී තිබේ.
තරඟ තුනකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය සැලසුම් කර ඇති පරිදි දිගටම පැවැත්වෙනු ඇති අතර, පසුව තරඟ ලෝඩ්ස් සහ ඕවල් ක්‍රීඩාංගණවලදී පැවැත්වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart