
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විදේශ රටවලින් මුදල් ලැබීම ඉහළ නැංවීමේ උත්සහයක් ලෙස විදේශ සිසුන් සඳහා 05 අවුරුදු පාඨමාලා සඳහා ඩොලර් 62,500ක සම්පූර්ණ ගෙවීමක් සහිත වෛද්‍ය උපාධියක් පිරිනැමීමට කොළඹ විශ්වවිද්‍යාලය කටයුතු කිරීමට සූදානම් වේ.
දේශීය උසස් පෙළට සමාන යැයි සැළකෙන ශ්‍රී ලංකාවෙන් පිටත පැවැත්වෙන විදේශීය විභාගයකදී ජීව විද්‍යාව, රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාව යන විෂයයන් සඳහා අවම වශයෙන් සී (C) සාමාර්ථ 2ක් සහ එස් (S) සාමාර්ථයක් ලබා ඇති සිසුන් සඳහා වෛද්‍ය උපාධිය හැදෑරීමට හැකි බව කොළඹ විශ්වවිද්‍යාලය දැන්වීමක් මඟින් සඳහන් කර ඇත.
දේශීය උපාධි පාඨමාලාවේ විදේශීය සිසුන් 500 දක්වා අධ්‍යාපන හැදෑරීම ඉහළ නැංවීම රජයේ සැලසුම බව උසස් අධ්‍යාපන ඇමැති සුරේන් රාඝවන් සඳහන් කර තිබේ.
පසුගිය වසරේ මෙරට විදේශීය සිසුන් 165ක් සිටි බවත්, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය (KDU) සතුව ධාරිතාවක් ඇති බැවින් විදේශීය සිසුන් සංඛ්‍යාව වැඩි කළ හැකි බවත් රාජ්‍ය ඇමැතිවරයා පවසයි.
එබැවින්, වසරකට සිසුන් 500ක් ඉලක්ක කිරීමට බලාපොරොත්තු වන බවත්, නීති පීඨයේ සිටින විදේශීය සිසුන් වැඩිකිරීමට උත්සාහ කරන බවත් ඔහු සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ වෛද්‍ය සිසුන් විදේශයන්හි අධ්‍යාපනය ලැබීමට තෝරාගැනීමේදී අමෙරිකානු ඩොලර් මිලියන ගණනින් වියදම් කෙරෙන අතර එලෙස විදේශගතවීම ද පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයට දායක වී ඇති බව රජයේ අදහස වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart