
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තනිව සංචාරය කරන කාන්තාවන්ට 2024 වසරේ යෑමට හොඳම ස්ථාන අතර ශ්‍රී ලංකාව අංක 1 ලෙස Timeout.com විසින් ශ්‍රේණිගත කර තිබේ.
ඔවුන් විසින් මෑතකදී කරන ලද සමීක්ෂණයකට අනුව, Z පරම්පරාව ලෙස හඳුන්වන1995 වසරට පසු උපන් කාන්තාවන්ගෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් තනිවම විදේශගත වීමට උනන්දුවක් දක්වනු ලැබේ.
එනම් අන් කවරදාකටත් වඩා කාන්තාවන් වැඩි පිරිසක් නව මිතුරන්, විවිධ සංස්කෘතීන් සහ අමතක නොවන අත්දැකීම් සොයමින් දුර බැහැර ගමනාන්ත වෙත ගමන් කරන බවයි.
එහිදී ඔවුන් යා යුත්තේ කොතැනටද, ඔවුන් දැනගත යුත්තේ කුමක්ද යන්න සම්බන්ධයෙන් Timeout.com විසින් උපදෙස් ලබාදී තිබේ.
ත්‍රාසජනක ගමනක් සොයන කාන්තාවන්ට සාපේක්ෂ වශයෙන් ආරක්ෂිත සහ පහසුවෙන් ගමන් කිරීමට රටවල් කිහිපයක් ඇති බවත් හොඳින් ගමන් කළ හැකි බැක්පැකර් මාර්ග, මිත්‍රශීලී ප්‍රදේශවාසීන් සහ නව පුද්ගලයන් හමුවීමට අවස්ථාව ඇති ස්ථාන ඔවුන් විසින් නම්කර ඇත.
ඒ නුව හුදකලාව ගමන් යන කාන්තා සංචාරකයන් සඳහා හොඳම ගමනාන්ත නවයක් සහ ආරක්ෂිතව සිටිය යුතු ආකාරය පිළිබඳ Timeout.com විසින් ලබාදුන් උපදෙස් අතර එවැනි ගමන් සඳහා වඩාත් හොඳම රට ලෙස ශ්‍රී ලංකාව නම්කර ඇත.
කුඩා කඳුළු බිංදුවක හැඩයගත් ශ්‍රී ලංකාව කුඩා ස්වරූපයෙන් ඉන්දියාවට සමාන නමුත් එයටම ආවේණික වූ චමත්කාරයකින් යුක්ත වන බවත් එය කිමිදීමට කැමති කාන්තා සංචාරකයන් සඳහා දකුණු ආසියාවේ හොඳම පළමු නැවතුම ලෙසත් ඔවුන් හඳුන්වා දී තිබේ.
ශ්‍රී ලංකාව බැක්පැකර්වරුන් අතර ජනප්‍රිය සේම සතියක් හෝ මාසයක් පුරා රැඳෙමින් යුනෙස්කෝ ලැයිස්තුගත කර ඇති දඹුල්ල සහ සීගිරිය වැනි ස්ථාන ගවේෂණය කිරීමට හෝ නුවරඑළියේ තේ වතු නැරඹීමට කාලය ගතකළ හැකි ස්ථානයක් ලෙස ද ඔවුන් හඳුන්වා ඇත.
ආරුගම් බොක්ක, මිරිස්ස සහ හික්කඩුව යන ‘රන් වෙරළ’ තීරයන් සහ වෙරළ ඉදිරිපස නේවාසිකාගාර, සර්ෆින් සහ රසවත් දේශීය ආහාරවලින් ශ්‍රී ලංකාව පරිපූර්ණ බව ද ඔවුන් ප්‍රකාශකර ඇත.
Timeout.com වෙබ් අඩවියට අනුව හුදකලාව ගමන් යන කාන්තා සංචාරකයන් සඳහා හොඳම ගමනාන්ත අතර දෙවැනි ස්ථානයට නම්කර ඇත්තේ පෘතුගාලයයි.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart