
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඩොලර් බිලියන 4.5 ක ඉන්ධන පිරිපහදුවක් හම්බන්තොට ප්‍රදේශයේ ඉදිකිරීම සඳහා චීනයේ සිනොපෙක් සමාගම විසින් කරන ලද යෝජනාව කැබිනට් මණ්ඩලය නුමත කර ඇත.
ට්විටර්(X) පණිවිඩයක් නිකුත් කරමින් විෂය භාර ඇමැති කංචන විජේසේකර පවසන්නේ, එය පසුගිය වසරේ කඩාවැටුණු ආර්ථික අර්බුදයෙන් පසු දිවයිනට ලැබෙන විශාලතම තනි ආයෝජනය බවට පත්වන බවයි.
“හම්බන්තොට නව ඛනිජ තෙල් පිරිපහදුව සහ ආශ්රිත නිෂ්පාදන සැකසුම් මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා ගිවිසුමකට එළඹීම සඳහා චීනයේ චයිනා පෙට්‍රෝලියම් සහ කෙමිකල් කෝපරේෂන් (සිනොපෙක්) වෙත කොන්ත්‍රාත්තුව ප්රදානය කිරීමට අද කැබිනට් අනුමැතිය ලැබී ඇත.” යැයි බලශක්ති ඇමැති කංචන විජේසේකරගේ ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart