
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඊශ්‍රායලයේ ප්‍රවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ ඇමැතිනි Miri Regev සහ ශ්‍රී ලංකාවේ ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන විවිධ කරුණු සාකච්ඡා කිරීම සඳහා ඊයේ (14) හමුව තිබේ.
මෙම සාකච්ඡාවේදී ප්‍රවාහනය, කෘෂිකර්මාන්තය, කර්මාන්ත සහ නිෂ්පාදන වැනි විවිධ ක්ෂේත්‍රවල තාක්ෂණික දැනුම සහ නවෝත්පාදන බෙදාහදා ගැනීමට සම්බන්ධයෙන් අවධානය යොමුව ඇත.
ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ දායකත්වය පිළිබඳව ප්‍රශංසා කළ ඇමැතිනිය, ඔවුන් සඳහා වැඩි රැකියා අවස්ථා නිර්මාණය කිරීමට පොරොන්දු වී තිබේ.
තවද, දෙරට අතර සංචාරකයන් සහ වෙළෙඳාම සඳහා ගුවන් හා නාවික සේවා වැඩිදියුණු කිරීමේ හැකියාව පිළිබඳව ඇමැතිවරුන් දෙදෙනාම සාකච්ඡා කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart