
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේදී ඉන්දියානු සංචාරකයන් සඳහා ඩිජිටල් ගෙවීම් පහසුකම වැඩි දියුණු කරමින් LankaQR හරහා UPI ගනුදෙනු කිරීම හඳුන්වාදීම අද සිදුකෙරිණි.
UPI යනු ඉන්දියානු ජාතික ගෙවීම් සංස්ථාව (NPCI) විසින් සංවර්ධනය කරන ලද ක්ෂණික තත්‍ය කාලීන ගෙවීම් පද්ධතියකි.
ඉන්දියානු ජාතික ගෙවීම් සංස්ථාවේ International Payments Limited සහ LankaPay Pvt Ltd විසින් මෙය මෙහෙයවනු ලබයි.
UPI ගනුදෙනු කිරීම හඳුන්වාදීමේ අවස්ථාව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ නිරීක්ෂණය කර තිබේ.
මෙම UPI ගනුදෙනු වැඩසටහන ශීඝ්‍රයෙන් ව්‍යාප්ත කිරීම අරමුණු කරගෙන තිබේ.
UPI ගනුදෙනු කිරීම හඳුන්වාදීමෙන් ටික කලකට පසු වෙළඳුන් 10,000ක් UPI ගෙවීම් භාර ගැනීමට සූදානම් වනු ඇත.
2024 මාර්තු වන විට, මෙම සංඛ්‍යාව 65,000 දක්වා ඉහළ යනු ඇති බවට අපේක්ෂා කෙරේ.
මෙමගින් ඉන්දීය සංචාරකයන් සඳහා බාධාවකින් තොරව ගෙවීමේ විසඳුමක් ලබාදෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart